'දිවයින' පුවතින් පසු වෛද්‍ය පාදෙනියට ජනපතිගෙන් ඇමතුමක්‌

නෝමන් පලිහවඩන

පොතුහැර දුම්රිය ගැටුමෙන් තුවාල ලැබුවන් රෝහල්ගත කිරීමට ඉදිරිපත් නොවී ජංගම දුරකථනවලින් ඔවුන් කැමරාගත කළ පුද්ගලයන් පිළිබඳ රජයේ වෛද්‍ය සංගමයේ සභාපති දොස්‌තර අනුරුද්ද පාදෙනිය මහතා "දිවයින"ට කළ ප්‍රකාශය ඊයේ (01 වැනිදා) පළ වී තිබෙනු දුටු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ උදේ පාදෙනිය මහතාට කතා කර සිද්ධිය පිළිබඳ තොරතුරු විමසා ඇත.

මෙවැනි දුම්රිය අනතුරු මින් ඉදිරියට සිදුවීම වැළැක්‌වීම සඳහා ධාවනය කෙරෙන දුම්රිය එන්ජිමකට දුම්රිය මාර්ගයේ සටහන පෙන්නුම් කරන සැටලයිට්‌ ක්‍රමයක්‌ භාවිත කළහොත් සුදුසු යෑයි වෛද්‍ය පාදෙනිය මහතා මෙහිදී ජනාධිපතිවරයාට යෝජනා කර ඇත.

එම අදහස පිළිබඳව සැලකිල්ල යොමුකරන බව ජනාධිපතිවරයා වෛද්‍ය පාදෙනිය මහතාට පවසා තිබේ.



 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.