"මැරෙන්න ගියොත් කියපල්ලා.. එතකොට ඉන්ජෙක්‍ෂන් දෙන්නම්..."
කුරුණෑගල හෙද වර්ජනයෙන් තැලසීමියා දරුවෝ මරු කටේ

අජිත් අලහකෝන්

කුරුණෑගල රෝහලේ හෙද වර්ජනය නිසා එහි ප්‍රතිකාර ලබන තැලසීමියා රෝගී දරුවන්ගේ ජීවිත අනතුරට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට කීවේය.

තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවන් රැසක්‌ කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද හෙතෙම ප්‍රකාශ කළේය. මෙම රෝගී දරුවන්ට දිනපතා එන්නත් ලබාදීම අනිවාර්ය වන අතර එය ලබාදිය යුත්තේ හෙදියන් විසින් බවද ඉහත ප්‍රකාශකයා කීවේය.

එහෙත් දින කිහිපයක සිට මෙම දරුවන්ට දිනපතා ලබාදිය යුතු එන්නත ලබා දී නැතැයිද "මැරෙන්න ගියොත් කියපල්ලා එතකොට ඉන්ජෙක්‌ෂන් එක දෙන්නම්" යෑයි හෙදියන් දරුවන්ගේ ඥතීන්ට පවසා තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.