නාගොඩ රෝහලේ සූතිකාගාරයේ ශල්‍ය උපකරණවලට අගුල්දාලා

නෝමන් පලිහවඩන

නාගොඩ රජයේ රෝහලේ ප්‍රසූතිකාගාරයේ දරුවන් බිහිකිරීම සඳහා යොදා ගනු ලබන උපකරණවලට අගුල්දමා තිබීම නිසා එම රෝහලේ වෛද්‍යවරු මේ බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාට ඊයේ (02 වැනිදා) පැමිණිලි කර ඇත.

මෙසේ අගුල් දැමූ උපකරණ ලබා ගැනීම සඳහා වාට්‌ටු ලිපිකරුවන් වහාම පත්කළ යුතු අතර එසේත් නැත්නම් මෙම අගුල් කඩා හෝ අදාළ උපකරණ ලබා ගෙන දරුවන් ප්‍රසූත කිරීම සඳහා යොදා ගත යුතුව ඇති බව ද වෛද්‍යවරු පෙන්වා දෙති. දරුවන් බිහිකිරීමේදී මෙම උපකරණ සැත්කම් සඳහා වඩාත් අවශ්‍ය කරන බව කළුතර රෝහලේ වෛද්‍යවරු පෙන්වා දෙති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.