හෙදි-පවුල් සෞඛ්‍ය සේවිකා අවුල සෞඛ්‍ය ලේකම්ගේ වැඩක්‌

අජිත් අලහකෝන්

සමස්‌ත සෞඛ්‍ය සේවාවම මේ දිනවල අර්බුදයට ලක්‌ කරමින් හෙදියන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් අතර පවතින ආරවුල විසඳීමට නොහැකි වී තිබෙන්නේ ඇමැතිවරයාට ද නොදන්වා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් හිතුමතේට නිකුත් කර ඇති ලිපියක්‌ බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු 'දිවයින ඉරිදා සංග්‍රහය'ට පැවැසීය.

සියලුම හෙදියන්ට සූතිකාගාර පුහුණුව ලබා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මීට වසර දෙකකට පෙර හෙද වෘත්තීය සමිති නායකයකුට ලිතව දැනුම් දීමක්‌ කර ඇත.

තමන්ට සූතිකාගාර පුහුණුව ලබා දිය යුතු බවට හෙදියන් විසින් මේ දිනවල වැඩ වර්ජනයක නිරත වන්නේ ද මෙම ලිපිය පදනම් කරගෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවැසුවේය.

හෙදියන්ට සූතිකාගාර පුහුණුව ලබා දිය නොහැකි බව ඇමැතිවරයා වෘත්තීය සමිති නායකයන් හමුවේ ප්‍රකාශ කරද්දී "එහෙනම් ලේකම්වරයා මීට අවුරුදු දෙකකට කලින් ලිතව දැනුම් දුන්නේ මන්දැයි මෙම වෘත්තීය සමිති නායකයා විමසා ඇත. තමන් සතුව එම ලිපිය ඇතැයි ද එම වෘත්තීය සමිති නායකයා ඇමැතිවරයාට ප්‍රකාශ කර තිබේ.

මෙවැනි ලිපියක්‌ තම ලේකම්වරයා විසින් නිකුත්a කර තිබෙන බව ඇමැතිවරයා ද දැනුවත් වී ඇත්තේ එම අවස්‌ථවේදී ය.

මෙම ලිපිය නිසා හෙද වින්නඹු ආරවුලට විසඳුමක්‌ ලබා දීමට අමාත්‍යාංශයට නොහැකි වී ඇති අතර ඉදිරියේදී මෙම අර්බුදය වඩාත් උග්‍රවනු ඇතැයි ඉහත ප්‍රකාශකයා කීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.