'ආසයි බයය' බෝට්‌ටුවේ ස්‌කිපර්වරයා කතා කරයි
අවුරුද 37ට පසුව අවදිවූ
බිහිසුණු මතකය


''....සයුරු බලා බඳ ළෙලවා
ඉවුරුතලා ගලා ගියා
මාතර ගං කොමළි නිල්වලා...
එතෙර සිටිය අය කැඳවා
මරු තුරුළට අරන් ගියා
මුළු සිරිලක දුකෙහි ගිල්වලා...
''...ආසයි... බයයි...
ඒ බෝට්‌ටුවේ නමයි...''
යළිනොම එන්නට ගිය ගමනයි.
දිය රකුසයි - ගඟ මැද මරුවයි
ජීවිත ගණනක්‌ බිළිගත්තයි...''

ඇන්ටන් ජෝන්ස්‌ ගායන ශිල්පියා විසින් ගයනු ලබන එම වේග රිද්ම ගීතය මේ වන විට දෙ සවනින් නෑසූ එකුදු ලාංකික ගීත ශ්‍රාවකයකු හෝ නොමැති තරම් ය. ඒ නිසාම නිල්වලා ගංදිය මතදී ජීවිත ගණනක්‌ බිළිගනිමින් එදා පෙරළී ගිය ''ආසයි බයය'' බෝට්‌ටුව පිළිබඳව මේ වන විට නොදන්නා කෙනෙකු නොමැති ය.

මීට හරියටම වසර තිස්‌ හතකට පෙරදී එක්‌ නිමේෂයකින් තිස්‌ හයදෙනෙකුගේ දිවි අහිමි කරවූ එම දිය අනතුර සිදුවූයේ 1977 වසරේ වෙසක්‌ පුන් පොහොය යෙදී තිබූ මැයි මස 03 වන දා ය.

මීට තිස්‌හත් වසරකට පෙර වෙසක්‌ උත්සවය යනු විහාරස්‌ථ ආගමික වත් පිළිවෙත් අතින්ද වෙසක්‌ තොරණ, වෙසක්‌ දන්සැල්, වෙසක්‌ නාටක ආදී ඊට අනුෂාංගික බාහිර අංග අතින් පොහොසත් වූවකි. වෙසක්‌ උත්සවය ජනයා ඉතා ඉහළින් සමරනු ලැබූ ජාතික උත්සවයක්‌ වූවා සේම, වෙසක්‌ පොහොය දා වෙසක්‌ අසිරිය නැරඹීමට ග්‍රාමීය පළාත්වල ජනයා ප්‍රධාන නගර කරා සංක්‍රමණය වීමද එකල අදට වඩා බහුලව දක්‌නට ලැබුණි.

එසේ නගරයට පැමිණෙන ජනයා වෙසක්‌ අසිරිය නරඹන අතරේ විවිධ සරල විනෝදාස්‌වාද මාධ්‍යයන් වෙතද යොමු වීය. එකල සාමාන්‍ය ලක්‍ෂණයක්‌ වූයේ සමස්‌තයක්‌ ලෙස සීමිත විනෝදාස්‌වාද මාධ්‍යයන් කීපයක්‌ පමණක්‌ සමාජය සතුව තිබූ නිසා ය.

නිල්වලා ගඟ අසිරිය නැරඹීමට ගඟ දිගේ බෝට්‌ටු සවාරි යැම එකල සෑම වෙසක්‌ උත්සව සමයකම පාහේ මාතර නගරයේ දක්‌නට ලැබුණු එබ`දු එක්‌ සරල විනෝදාස්‌වාද මාර්ගයකි.

මාතර ප්‍රධාන බස්‌නැවතුම්පළ පෙනෙන මානයේ මාතර නිල්වලා ගඟ තරණය පිණිස ඇති මහානාම මහ පාලම අසලින් බෝට්‌ටු වලට නංවා ගන්නා ජනයා ගඟදිය ඔස්‌සේ නිල්වලා ගඟ මුහුදට වැටෙනා තොටමුණ දෙසටත් එතැනින් ආපසු හරවා නැවත මහානාම පාලම යටින් ගොස්‌ පීක්‌වැල්ල විහාරස්‌ථානය දෙසටත් කිලෝමීටර දෙකක පමණ දුරක්‌ සංචාරය කිරීම මෙහිදී සිදුවිය.

මුහුදේ මසුන් මරන්නට යොදාගත් ''...ආසයි බයයි..'' යනුවෙන් නම යෙදූ, අඩි තිස්‌ දෙකේ මෙම එක්‌දින ධීවර යාත්‍රාව ද එසේ වෙසක්‌ දිනයේ වෙසක්‌ සිරි නැරඹීමට පැමිණි ජනයා කැටිව නිල්වලා ගෙඟහි සංචාරය කරද්දී හදිසියේ ගඟදිය මත පෙරළී යන්නේ කිසිවකුදු සිහිනෙන්වත් නොසිතූ ආකාරයෙනි.

මෙතැන් පටන් එම සිදුවීම විස්‌තර කිරීම අප විසින් එම ධීවර යාත්‍රාව පැදවූ ''ස්‌කීපර්'' වරයා නොහොත් නාවිකයා වෙතටම භාර කළ යුත්තේ ඊට සුදුසු එකම තැනැත්තා ඔහු නිසාම පමණක්‌ නොවේ.

එම ඛේදවාචකයෙන් පසුව වසර තිස්‌හතක්‌ තිස්‌සේ කිසිදු ජනමාධ්‍යයක්‌ ඔස්‌සේ මෙබඳු හෙළිදරව්වකට හෝ, තම ඡායාරූපයක්‌ පවා පුවත්පතක පළ කිරීමට අකමැතිවූ හෙතෙම, මෙම ලියුම්කරුගේ බලවත් ඇවිටිල්ල මතම තමා මුහුණපෑ එම ත්‍රාසජනක, මෙන්ම ෙ€දජනක සිදුවීම මුල් වරට "දිවයින ඉරිදා" සංග්‍රහය වෙත ලබාදීමට ක්‍රියාකිරීම වෙනුවෙන් පිදෙනා කෘතවේදිත්වයක්‌ ද පෙරදැරිව ය.

''...ආසයි බයයි...'' ධීවර යාත්‍රාව පැදවූ තේනුවර හැන්නදිගේ සෝමසිරි මහතා දැන් පසුවන්නේ 64 වැනි වියෙහි ය. මීට 37 වසරකට පෙර සිදුවූ එම ෙ€දවාචකයේ සමහරක්‌ තැන් අද වනවිට ඔහුගේ මතකයෙන් ගිලිහී ගොස්‌ ඇත්තේ මේ වන විට හෙතෙම තරමක්‌ අසනීප ගතියෙන් හා අඩු මතක ශක්‌තියකින් පසුවන නිසා ය. එහෙත් එම අඩුව සපුරා දීමට නොපැකිල අප වෙත ඉදිරිපත් වූයේ සෝමසිරි මහතාගේ ආදරණීය බිරිඳ වන එච්. ජී. සෝමාවතී මහත්මියයි. එවක ඇය පසු වූයේ 21 වැනි තරුණ වියෙහි ය. මෙතැන් සිට අපි එම යුවළට සවන්දෙමු.

එහිදී මුලින්ම අප හා අදහස්‌ දැක්‌වූයේ සෝමාවතී මහත්මියයි.

''...ආසයි බයයි කියන්නේ එම්. ජී. 10 වර්ගයේ අඩි 32 එක්‌දින ධීවර යාත්‍රාවක්‌. ඒ කාලේ ධීවරයන්ට බෝට්‌ටු දුන්නේ ධීවර සමිති මගිනුයි. ඒ කාලේ කුඩා ධීවර සමිති තිබුණේ නෑ. දිස්‌ත්‍රික්‌ ධීවර සංවිධානය කියන ප්‍රධාන ධීවර සංවිධානයේ ලියාපදිංචිව ඇති ජ්‍යෙෂ්ඨ ධීවරයන් තුන් හතර දෙනෙකුට එක බෝට්‌ටුව බැගින් ඒ කාලයේ ධීවර යාත්‍රා ලබාදී තිබුණා.

ඒ අනුව ටී. එච්. සෝමසිරි (මගේ මහත්තයා), පී. ඩබ්. පීටර්, කේ. ඩී. පියසේන කියන ධීවර ගැනියන්ටයි ඒ බෝට්‌ටුව ලබාදී තිබුණේ. 1972 අප්‍රේල් 12 තමයි මහත්තයට බෝට්‌ටුව ලැබුණේ.

බෝට්‌ටුවේ නිල්පාටයි, රතු පාටයි, සුදු පාටයි ආලේප කරලා තිබුණේ. බෙ`ද් උඩම නිල්පාට පසුබිමේ සුදුපාට අකුරින් තමයි ''ආසයි බයය'' කියලා නම ලියලා තිබුණේ.

ඒ නම, බෝට්‌ටුවේ තීන්ත ගාන වෙලාවේ බෝට්‌ටුවේ ජී.එස්‌ මාටින් කියන 'ස්‌කීපර්' අය්යා නිකමට කටට ආපුවාට තියාපු නමක්‌ මිසක්‌ හොයලා බලලා ගණ පිහිටුවලා එහෙම තියපු නමක්‌ නෙමෙයි.

අපේ මහත්තයා පොඩි කාලේ ඉඳන්ම ධීවර රැකියාවයි කළේ. යාත්‍රාව තොටමුණ මෝය කටෙන් තමයි වැඩිපුරම මුහුදු යන්නේ. වැඩිපුරම නියමුවා හැටියට ගියේ අපේ මහත්තයා තමයි.

බෝට්‌ටුවෙන් තනි දවසෙ රස්‌සාව කළේ. උදේට ගියොත් රෑට එනවා. තංගුස්‌ පන්නෙයි දැල් පන්නෙයි යොදාගෙන කෙළවල්ලො බලයෝ තමයි ඇල්ලුවේ.

වෙසක්‌ පොහොය වගේ මාතර නගරෙට සෙනග රැස්‌වෙන දවස්‌වල ඒ අයගෙ විනෝදෙට නිල්වලා ගඟ දිගේ කිලෝමීටරේක දෙකක කෙටි දුරක්‌ බෝට්‌ටු සවාරි යන එක මෑතක්‌ වන තුරුත් සිරිතක්‌ව තිබුණා. ඉන් සමහරක්‌ බෝට්‌ටු සවාරි මහානාම පාලම ළ`ගිනුත් සමහරක්‌ බෝට්‌ටු තොටමුණෙනුත් පිටත් වෙනවා.

එදා වෙසක්‌ පෝය දවස නිසා පිටින් සෙනග ගොඩාක්‌ පැමිණ හිටියා. බෝට්‌ටු කීපයක්‌ම එදා උදේ ඉඳලාම ගෙ`ග් බෝට්‌ටු සවාරි ගියා. අපේ මහත්තයා එදා බෝට්‌ටුව අරගෙන ගියේ හවස දෙකට විතර....''

එතෙකින් පූර්විකාව අවසන් කළ ''ආසයි බයය'' නියමුවාගේ බිරිය සිය සැමියා දෙසට ගෙල හරවන්නේ යුග ගායනයක පුරුෂ හ`ඩ අවදි කිරීමට ස්‌ත්‍රී ගායිකාවගෙන් කෙරෙනා ඉ`ගියක පරිද්දෙනි.

ඒ අනුව තේනුවර හැන්නදිගේ සෝමසිරි මහතා ''ආසයි බයයි ෙ€දවාකය පිළිබඳ සිය වචන පෙළ මුදා හැරියේ මෙලෙස ය.

''... එදා වෙසක්‌ දවස නිසා මෙරු වගේ සෙනග... ඒ දවස්‌වල මහජන පොළ තිබුණු නිල්වලා මහානාම පාලම යටට බෝට්‌ටුව අල්ලන්නත් කලියෙන් බලෙන්ම වගේ පොරකාලයි සෙනග බෝට්‌ටුවට නැග්ගේ. මගේ සහායට පියසේනයි පීටරුයි තව ගෝලයෙකුයි හිටියා. මම එයාලට කලින්ම කියලයි තිබුණේ පමණට වඩා සෙනග ගන්න එපාය කියලා.

ඒත් තරුණ ගැටව් අපේ වචනෙට කීකරු නෑ. අපි ටි්‍රප් එකකට එක්‌කෙනෙක්‌ගෙන් අයකෙරුවේ මුදල සත විසි පහයි. නමුත් වැඩිදෙනා මුදලුත් නොදියි බැහැලා යන්නේ. නමුත් අපිත් එදා මුදල ගැනම වැඩිය එළෙව්වේ නෑ. කට්‌ටිය දුවගෙන ඇවිත් කාගෙවත් කීම නාහා දඩිබිඩියට බෝට්‌ටුවට ගොඩඋනා...''

කොහොමින් කොහොම හරි බලෙන්ම වගේ බෝට්‌ටුවට ගොඩවෙච්ච පණහක හැටක වගේ සෙනගත් අරන් එදා මම ගිය තුන්වෙනි ටි්‍රප් එක. ඉස්‌සරවෙලාම අපි තොටමුණ පැත්තට යාත්‍රා කළා. ඊට පස්‌සේ එතනින් හරවගෙන නිල්වලා මහානාම පාලම යටින් ආපහු ගඟ උඩහට පීක්‌වැල්ල පැත්තට ගියා.

බෝට්‌ටුවට ගොඩ වෙලා තිබුණේ ඔක්‌කොම අවුරුදු 18 ට අඩු තරුණ ගැටව්. පුෂ්පරාණි කියලා අවුරුදු 18 ට වැඩි එකම එක ගෑණු ළමයෙක්‌ එයාගේ සහෝදරයෙක්‌ද කොහෙද එක්‌කලා ඇවිත් හිටියා. ඒ ළමයා ඉමදුව පැත්තේ කෙනෙක්‌. අනික්‌ අය සේරම කොටපොළ, මාක`දුර, කඹුරුපිටිය, මාවරල, වගේ ගම්මාන වලින් වෙසක්‌ බලන්න ආපු තරුණ ළමයි.

මේ වෙනකොට වෙලාව හවස පහමාරට විතර ඇති. බෝට්‌ටුව ගඟ උඩහට ගෙනිහින් පීක්‌වැල්ල පන්සල හරියෙන් මම ආපහු බෝට්‌ටුව හැරෙව්වා. බෝට්‌ටුව ආපහු හරවන හරියේ පන්සල පැත්තේ ගං ඉවුරේ ලොකු කෝන් ගහක්‌ තිබුණා. ඒ කෝන්ගහේ බරට ගෙඩි හැදිලා කෝන් ගෙඩි පිරුණු කෝන් වලු බරට බරේ පහලට එල්ලෙමිනුයි තිබුණේ.

දැන් බෝට්‌ටුව හැරවෙන්නේ ඒ කෝන් ගහ යටිනුයි. ඒ වෙලාවේ බෝට්‌ටුවේ ගියපු කට්‌ටියම එකසැරේ තරෙඟට වගේ අර කෝන්ගෙඩි කඩන්න බෝට්‌ටුවේ එක පැත්තකට රොක්‌ වුණා. එක පැත්තට කුට්‌ටි ගැහෙන්න එපා බෝට්‌ටුව පෙරළේය කියලා මම විලාප ගැහුවා. කොහේද?... කියලා කට ගන්න ලැබුණෙ නෑ එතකොටම ඇලවෙච්ච පැත්තෙන් බෝට්‌ටුවට වතුර දැම්මා.

මට දෙවියන් සිහිවුණා. එසැනින් බෝට්‌ටුව තව තවත් ඒ පැත්තටම ඇලවුණා. කට්‌ටිය මරහ`ඩ තලනවා ඇහුණා. පෙරලෙන බෝට්‌ටුවේ කවුදෝ මට කීවා අය්යේ මාව බේරගන්න කියලා. එසැනින් මම කෝන්ගහේ අත්තක එල්ලිලා ඒ කෑගහපු දිහාවට අත දික්‌ කරනකොටම කෝන් අත්තත් කඩාගෙන මම ගඟට වැටුනා. මට මතක එච්චරයි....

මට සිහිය එනකොට නාහෙන් කටින් බට හයිකරලා මාතර මහ ඉස්‌පිරිතාලෙ ඇඳක මම දිගා කරලා තිබුණා...''

''ආසයි බයය'' නියමුවා දැඩි කම්පනයෙන් දෑස තෙරපා ගනිමින් බිරිය දෙසට හැරෙන්නේ ඇයගේ සහාය පතා විය යුතුය. අපි නැවතත් සෝමාවතී මහත්මිය ශ්‍රවණය කළෙමු.

''... ඔය කෝන් ගහ ඒ වෙද්දිත් අවුරුදු සීයක්‌ විතර පැරණියි. දැන් ඒ ගහ කපා දාලා මගෙ හිතේ. අපි පොඩි කාලෙ අපේ තාත්තාත් අපට ඔය කෝන් ගහේ ගෙඩි ගෙනැත් දෙනවා. ඒ කෝන් ගහෙන් මේ අපේ ගේ විතර සාවියක්‌ ගඟ හෙවණ වෙලා වැහිලායි තිබුණේ. කෝන් ගහේ ගෙඩි හැදෙන කාලෙට කෝන් අතුවල ගෙඩි සම්පූර්ණයෙන්ම ගඟට බරවයි තියෙන්නේ.

පීක්‌ වැල්ලේ පන්සල ළඟ නිල්වලා ගැරේ- එක ළඟ ගංඉවුරේ ඒ කාලේ නාන තොටුපළකුත් හදලා තිබුණා. ඉස්‌සර අපි නාන්න යන්නේ එතැනටයි. අපි ඒ කාලේ එතන නානකොටත් ගෙ`ග් ගුඩු ගුඩු ගාලා සද්දයක්‌ එක්‌ක සූ ගාලා සුළියක්‌ පහලට වතුර අදිනවා වගේ ගතියක්‌ ඔතැන තිබුණා.

ඒ කිට්‌ටුව ගං පතුළේ උමගක්‌ තියෙනවය කියලත් ඒ උමග මුහුදත් එක්‌ක සම්බන්ධතාවයක්‌ තියෙනවය කියලත් පැරණි අය කියනවා.

කොහොම නමුත් එතනින් බෝට්‌ටුව හරවන කොට කට්‌ටිය කෝන් ගෙඩි කඩන්න එකම පැත්තට එකතුවෙද්දි තමයි බෝට්‌ටුව පෙරලිලා තියෙන්නේ.

ඒ වෙද්දි මගේ වයස අවුරුදු 21 යි. මට දෙවෙනි දරුවා ලැබෙන්න දින ළංවෙලයි තිබුණේ. එදා හවස මම උවමනාවකට ටවුමට යන්න ගෙදරින් පිටවෙන්න සූදානම් වෙනකොටමයි බෝට්‌ටුව පෙරළුනාය කියලා ආරංචිය ආවේ. මම එහෙමම ඉස්‌පිරිතාලෙට දුවගෙන ආවා. මළසිරුරු ගොඩ අරගෙන තිබුණේ ඒ කිට්‌ටුව ගරාජයක වැඩ කරනා අයයි.

ඒ ගරාජයේ අපේ ඥාති පුතෙකුත් වැඩ කළා මුනිදාස කියලා. බෝට්‌ටුව ගිලෙද්දී ඒකෙ ගියපු අය අපේ මහත්තයාගේ ඇෙ`ග් එල්ලෙනකොට සරම ගැලවිච්ච නිසාදෝ මෙයාව ගොඩ ගන්නකොට සරම ඇෙ`ග් තිබිලාත් නෑ. පස්‌සේ ඒ ඥාති පුතා තමයි මෙයාව ගොඩ අරගෙන මජං කලිසමක්‌ අන්දවලා ලොරියක දාලා හනිකට ඉස්‌පිරිතාලෙට යවලා තිබුණේ.

ඉස්‌පිරිතාලෙට ගත්ත හැටියෙම හුස්‌ම ගන්න අමාරුවට එවෙලෙම ඔක්‌සිජන් දීලා තිබුණා. මහත්තයා සනීප වන තුරු මාතර ඉස්‌පිරිතාලේ 13 වාට්‌ටුවේ දවස්‌ තුන හතරක්‌ හිටියා. අපි කියන තුරු මෙයාව ගොඩ ගත්තේ කවුද කියලා වත් මෙයා දන්නේ නෑ.

මහත්තයාගේ සහායට බෝට්‌ටුවේ ගියපු තුන්දෙනාගෙන් දෙන්නෙකුත් දියේ ගිලිලා මැරුණා. මමත් දරුවෙක්‌ ලැබෙන්න ඔන්න මෙන්න තිබුණත් ඒ මළසිරුරු බලන්න මෘත ශරීරාගාරයට පවා ගියා. අපටත් දරුවෝ ඉන්න නිසා ඒ මළ සිරුරු දැක්‌කම වාවන්න බැරි තරමට දුකයි. මළ සිරුරු 35 ක්‌ නම් ගම් සහිතව තිබුණා. 34 ක අයිතිකාරයෝ හිටියා. අයිතිකරුවෙක්‌ නැති සිරුරුත් එක්‌ක ඔක්‌කොම මළ සිරුරු 36 ක්‌ තිබුණා. මියගිය ඔක්‌කොම අය අවුරුදු පහළව දාසය වගේ වයස 18 ට පහළ පිරිමි අයයි.

සිරිමාවෝ බණ්‌ඩාරණායක අගමැතිනියගේ එදා රජය ඊට පසුදා ජාතික ශෝක දිනයක්‌ බවට ප්‍රකාශයට පත් කළා. ඒ කාලේ මාතර පාර්ලිමේන්තු මන්ත්‍රී හැටියට හිටියේ නියෝජ්‍ය අධ්‍යාපන ඇමති බී. වයි. තුඩාවේ මහතා යි.

අපේ මහත්තයාට එදා විවිධ අයගෙන් විවිධ චෝදනා ආදිය එල්ලවුණා. මුලින්ම චෝදනාව ආවේ බීමතින් බෝට්‌ටුව පදවලයි කියලයි. නමුත් එදා රෑම රෝහලේ පරීක්‍ෂණ කරලා මත්පැන් නොබීපු බව තහවුරු කර ගත්තා. මහත්තයා ඉස්‌සරවෙලාම දින 14 ක්‌ පොලිස්‌ අත්අඩංගුවේ ඉඳලා පසුව බන්ධනාගාරගත කළා. ඊට දින ගණනාවකට පස්‌සේ ශරීර ඇප තියලා තමයි ඇප ලබා ගත්තේ. ඒ දවස්‌ වල ශරීර ඇපය රුපියල් දහ දාහයි.

මාතර උසාවියේ නඩුව ඇහුවේ. පළමු නඩු දිනය තිබුණේ 1977 මැයි 30 වෙනිදා. රසීක්‌ සරුක්‌ නීතීඥ මහත්තයත් එදිරප්පුලි කියලා අද්වකාත් මහත්තයකුත් තමයි බෝට්‌ටුව පැත්තට කථාකළේ. එදා හවස හතරට විතර උසාවිය ඉවර වෙලා ආවාම හවස හය වගේ වෙනකොට මට අසනීප දැනිලා මම මාතර ඉස්‌පිරිතාලෙට ඇතුළු වුණා. රෑ අටට විතර ඇතුල් වුනු මට එදාම රෑ දහයට විතර පුතෙක්‌ ලැබුණා.

මාතර උසාවියේ විභාග වුනු නඩුවෙන් අවසානෙදි ධීවර යාත්‍රාවක අනවසරයෙන් මගීන් ප්‍රවාහනය කිරීමේ වරදට මගේ මහත්තයට බරපතල වැඩ ඇතිව අවුරුදු දෙකක සිර ද`ඩුවමක්‌ නියම වුණා. පසුව එය ලිහිල් කරලා අවුරුදු පහකට ඇඟ බැන්දා.

ඒ කාලේ ජීවිතාරක්‍ෂක උපකරණත් අද වගේ සුලභ නෑ. ඇත්තෙන්ම මේ වගේ සිද්ධි නම් ආයෙමත් අහන්නවත් දකින්නවත් සිද්ධ වෙන්න එපා. ඒ නිසා අපි තරුණ පිරිසට කියන්නේ මේ වගේ අවදානම් ගමන් යන්න එපාය කියලයි. අපිත් දරුවන් ඉන්නා දෙමාපියන් නිසා අදටත් අපි හදවතින්ම ඒ තරුණ ළමයි වෙනුවෙන් දුක්‌ වෙනවා.

ඒ නිසා උපනූපන් ජාතිත් ඒ දරුවන් එවන් අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

ගෙ`ග් ගිලුනු ''ආසයි බයය'' බෝට්‌ටුව ඊට පස්‌සේ ගොඩ අරගෙන රෙපයාර් කළා. නමුත් මහත්තයා ආයෙමත් ඒ බෝට්‌ටුව දකින්නවත් වැඩිය කැමති වුණේ නෑ. ඒ නිසා ''යළි ඉපදේ'' කියලා අළුත් නමකින් ඒ බෝට්‌ටුව දෙවුන්දර කේ. ඩී. පියසේන කියලා කෙනෙකුට දුන්නා.

අපි දෙන්නා විවාහ වුණේ 1975 වසරේ. ඒ කාලේ අපි හිටියේ මාතර කොටුව ඇතුළෙම වැල්ල අයිනේ ධීවර නිවාස පාරේ පොල් අතු නිවසකයි. මේ සිද්ධිය සිදු වෙන්නේ බැඳලා අවුරුදු 02 කට පසුවයි.

අපිට දරුවන් පස්‌ දෙනෙක්‌ ඉන්නවා. ලොකුදුව සන්ධ්‍යානි රේණුකා. දෙවැනියා පුතා කැළුම් දියමන්ත, තුන්වැනියා දුව ප්‍රියංගිකා දේදුනු, හතරවැනියා දුව දිලීපා දීප්ති, පස්‌වෙනියා දුව ඉමාල් ශානිකා.

දැන් අපේ මහත්තයටත් රැකියාව කරන්න බෑ. ඒ නිසා මම ස්‌වයං රැකියාවක්‌ විදියට බීරළු රේන්ද වියනවා. උම්බලකඩ වේලනවා.

2004 සුනාමියෙනුත් අපි පුදුම විදියට බැට කෑවා. එදා මම ගේ ළඟ තිබුණු කොස්‌ ගහක අත්තක්‌ අල්ලගෙනයි ජීවිතේ බේරගත්තේ. අපේ තිබුණු සේසතම එදා මහ මුහුදට ගහගෙන ගියා.

'ආසයි බයය' සිද්ධිය ගැන එදා පත්තරවල පළවුනු තොරතුරු තිබුණු පත්තර සේරමත් එදා සුනාමියෙන් මහ මුහුදට ම ගහගෙන ගියා. ඒ නිසා දැන් ඒ ගැන අපිට අපිම මිසක්‌ කිසිම සිහිවටනයක්‌ නෑ...

නමුත් අර ඇන්ටන් ජෝන්ස්‌ ගායකයා කියන සින්දුව ඇහෙන කොට ආයෙ ආයෙත් අපේ දුක ඇවිස්‌සෙනවා මහත්තයා.... ඒ නිසා අපි දෙන්නම ''...සයුරු බලා බඳ ළෙලවා...'' සින්දුවට නම් ආස නෑ.....''

අප තව දුරටත් ''ආසයි බයය'' නියමුවා සහ ඔහුගේ දයාබර බිරිය දෙස නොසැලී බලා සිටියෙමු.

ඔවුන් සිය ජීවිත කතාව බ`දු 'ආසයි බයය' ක`දුළු කතාව අප ඉදිරියේ නිරාවරණය හමාර කොට අප දෙසම දෑස්‌දල්වා සිටිති.

එහෙත් අපහට 'ආසයි බයය' පිළිබඳව තවත් බොහෝ දෑ ඇසීමට ඉතිරිව ඇතැයි සිතේ.

රන්ජන් ගාමිණී ජයවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.