2014 මැයි 05 සඳුදා

 

 
 
    DIVAINA EDITOR

  CONTACT WEBMASTER

නර්ස්‌ලා අදත් වර්ජන
එක්‌සත් හෙද සංගමය වර්ජනයෙන් ඉවත් වුවද අපි වර්ජනය කරනවා

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති කියයි

හෙදියන්ට සූතිකා පුහුණුව ලබාදෙන ලෙස ඉල්ලා දියත් කර තිබෙන හෙද වර්ජනය අද (05 වැනිදා) දිනයේදීත් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඊයේ (04 වැනිදා) ප්‍රකාශ කළේය.

"මේ වගේ දුක්‌ නොදී අප මරා දමන්න"

"අපි මරන්න අවශ්‍ය නම් බාගෙට මරන්න එපා. මේ වගේ දුක්‌ නොදී අපිට විෂ එන්නතක්‌ දී හෝ එකවර මරා දාපල්ලා" යනුවෙන් මර හඬ දෙමින් හෙද වැඩවර්ජනය නිසා ප්‍රතිකාර නොලැබීමෙන් දැඩි සේ අසරණ වූ වකුගඩු රෝගීහු පිරිසක්‌ ඊයේ (4 දා) අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වකුගඩු ප්‍රතිකාර සහ පර්යේෂණ ඒකකය ඉදිරිපිට අනුරාධපුර නගරයේ හරිශ්චන්ද්‍ර මාවත අවහිර කොට මහා මාර්ගයේ බිම වාඩි වී විරෝධතාවක නිරත වූහ.

හෙද හෙදි වර්ජන මදිවාට ඉබ්බෝ දමා යතුරු හංගලා
දොස්‌තරවරු ඉබි යතුරු කඩා ලෙඩුන්ට ප්‍රතිකාර කරති

වර්ජනයට එක්‌ව සිටින හෙද හෙදියන් විසින් දිවයින පුරා ඇති රෝහල් බොහෝමයක වෛද්‍ය උපකරණ හා ඖෂධ ගබඩා කර ඇති කාමරවල සහ රෝගීන්ට ඔක්‌සිජන් සපයන කාමරවල යතුරු සැඟවීම නිසා රෝගීහු දැඩි අපහසුතාවකට ලක්‌ව සිටිති.

හෙදියන්ට සූතිකා පුහුණුව නොදීමට වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා
- වෛද්‍ය සංගමයේ සභාපත

ආණ්‌ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් කුමන තීන්දු තීරණ ගත්තත් හෙදියන්ට සූතිකාගාර පුහුණුව ලබා නොදීමට රට පුරා සිටින ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් තුන්සිය හැත්තෑ පස්‌දෙනා ඒකමතිකව තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඊයේ (04 දා) ප්‍රකාශ කළේය.

අච්චුවේලි නිවසක එකම පවුලේ තිදෙනකු ඝාතනය කරලා

යාපනය අච්චුවේලි ප්‍රදේශයේදී ඊයේ (4 දා) අලුයම එකම පවුලේ මව, පුතා සහ දියණිය අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර ඇත.

චෙන්නායිහිදී ඇල්ලූ ශ්‍රී ලාංකිකයා පාකිස්‌තානු කුලී ඔත්තුකරුවෙක්‌

චෙන්නායිහිදී ඉන්දීය ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් සකීර් හුසේන් නම් ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයා පාකිස්‌තාන ඔත්තු සේවය මගින් කුලියට ගත් පුද්ගලයකු බව හෙළිව තිබේ.

දිවයින  සැනෙකින් පුවත්

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත නිකායේ මහානායක පදවිය තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමිට
අමරපුර මහ නිකායේ මහනායක අග්ගමහා පණ්‌ඩිත දවුල්දෙණ ශ්‍රී ඥනිස්‌සර සහ අමරපුර මහ සංඝ සභාවේ සභාපති දොඩම්පහළ චන්ද්‍රසිරි යන මහ නාහිමිවරුන්ගේ ......

වර්ජන අදින් ඉවරයි
- එක්‌සත් හෙද සංගමයේ සභාපති

හෙද නිලධාරීන් සහ නිලධාරිනියන් විසින් ආරම්භ කර තිබූ දීප ව්‍යාප්ත වැඩවර්ජනය අද (05 වැනිදා) අත්හිටුවීමට කටයුතු කරන බව රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (04 වැනිදා) පැවැසූහ.

වර්ජනය නවතා සාකච්ඡා කරමු

වැඩවර්ජනය නිසා වඩාත්ම අසාධාරණයට හා පීඩනයට පත්වන්නේ අහිංසක රෝගීන් බැවින් වැඩවර්ජන නවතා තිබෙන ගැටලු සාකච්ඡා, කර විසඳගන්න යෑයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලුම හෙද හෙදියන්ගෙන් ඉල්ලා සිටී. ඒ පිළිබඳව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමැතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

පවුල් සෞඛ්‍ය නිලධාරිනියෝ
මුරුත්තෙට්‌ටුවේ හිමියන්ට සංඝ ආඥවක්‌ ඉල්ලති

අහිංසක රෝගීන්ගේ ජීවිත අනතුරට ලක්‌කරමින් වැඩවර්ජනය කිරීම සඳහා දිවයින පුරා හෙද හෙදියන් පොළඹවන රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන්ට එරෙහිව සංඝ ආඥවක්‌ නිකුත් කරන්නැයි පවුල් සෞඛ්‍ය සේවිකාවෝ ෙත්‍රෙනිකායික මහානායක හිමිවරුන් ඇතුළු සංඝරත්නයෙන් ඉල්ලා සිටිති.

ජානිපෙ දෙවැනි මහ සමුළුව අද

මවුබිමට වින කරන මර උගුල් පරදවමු· යන තේමාව යටතේ ජාතික නිදහස්‌ පෙරමුණේ 2 වැනි ජාතික මහා සමුළුව අද (05 වැනිදා) සවස 2.30 ට කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


 
  • ගවයන්ට කන්න නැහැ ඉතින් කොහෙන්ද කිරි?

    කිරිවලින් රට ස්‌වයංපෝෂිත කිරීමේ වැඩසටහනට අනුව කිරි ගවයන් 20,000 (විසිදහසක්‌) ඔස්‌ටේ්‍රලියාවෙන් ආනයනය කිරීම සඳහා ඔස්‌ටේ්‍රලියා බැංකුවකින් ඇමරිකා ඩොලර් කෝටි 7 ක (ඇමරිකානු ඩොලර් 7,39,54,054) පමණ ණය මුදලක්‌ ලබා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට්‌ සංදේශයට අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලැබී ඇත.

  


 
  • ඒ පාපන්දු බහිරවයා මේ හැර
    තවත් අරමුදල් ගිල තිබේද?

    සභාපති අණින් පරීක්‍ෂණයක්‌

    ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලැබුණු අරමුදල්, එහි පසුගිය බලධාරීන් විසින් කොපමණ පමණින් තම පෞද්ගලික ගිණුම්වලට බැරකර ඇතිද යන්න සෙවීමට වත්මන් සභාපතිවරයා විසින් පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා තිබේ.

  

Kapruka Shopping |  News




 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.