වර්ජන අදින් ඉවරයි

- එක්‌සත් හෙද සංගමයේ සභාපති


ඒමන්ති මාරඹේ

හෙද නිලධාරීන් සහ නිලධාරිනියන් විසින් ආරම්භ කර තිබූ දීප ව්‍යාප්ත වැඩවර්ජනය අද (05 වැනිදා) අත්හිටුවීමට කටයුතු කරන බව රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (04 වැනිදා) පැවැසූහ.

හෙද විදුහල්වලට දැනට සූතික පුහුණුව ලබාදෙන හෙද සිසුවියන්ට බාධාවකින් තොරව එම පුහුණුව ලබාදීමට සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා විසින් ලබාදුන් ලිත පොරොන්දුව හේතුවෙන් මෙම පියවර ගන්නා බවද ඊයේ (04 වැනිදා) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් උන්වහන්සේ කීහ.

කෙසේ වුවද හෙද කාර්ය මණ්‌ඩලයට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සහ පවුල් සෞඛ්‍ය සේවා (වින්නඹු) නිලධාරීන්ගෙන් සිදුවන කෙණෙහිළිකම් තවදුරටත් සිදුවුවහොත් මෙයට වඩා දැඩි ක්‍රියාමාර්ගයක්‌ කරා යැමට තම සංගමය පසුබට නොවන බවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.