චෙන්නායිහිදී ඇල්ලූ ශ්‍රී ලාංකිකයා පාකිස්‌තානු කුලී ඔත්තුකරුවෙක්‌

චතුර පමුණුව

චෙන්නායිහිදී ඉන්දීය ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් සකීර් හුසේන් නම් ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයා පාකිස්‌තාන ඔත්තු සේවය මගින් කුලියට ගත් පුද්ගලයකු බව හෙළිව තිබේ.

කොළඹ පාකිස්‌තාන තානාපති කාර්යාලය මගින් මොහුට පවරා තිබූ රාජකාරිය වන්නේ චෙන්නායි හා බැංගලෝර්හි පිහිටි ඇමරිකානු හා ඊශ්‍රායල් කොන්සල් කාර්යාල පිළිබඳ ඔත්තු බැලීම බව මොහු විසින් ඉන්දීය ආරක්‍ෂක අංශ වෙත හෙළිකර ඇත.

සකීර් හුසේන් ඉකුත් අප්‍රේල් 29 වැනිදා චෙන්නායි නුවරදී අත්අඩංගුවට පත් විය.

මොහු විසින් ඇමරිකානු හා ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ පිහිටීම හා එහි දොරටු ඡායාරූප ගත කර ඇති අතර ඒවාද ඉන්දීය ආරක්‍ෂක අංශ මගින් සොයාගෙන ඇති බව ටයිම්ස්‌ ඔප් ඉන්දියා පුවත්පත කියයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.