දරුවන්ගේ ලෝකය බිදී යැමේ ඛේදවාචකය

නීතියෙන් දඬුවම් දීමෙන් පමණක්‌ සමාජයක්‌ සුරක්‍ෂිත කළ නොහැකියි. දෙමාපියන් වැඩිහිටියන් තම දරුවන්ට ආදර්ශයක්‌ වන අන්දමට ක්‍රියා කරන්නේ නම් මල් කැකුළුවන් කුඩා පරපුර රැකගත හැකියි. මේ සඳහා විධිමත් සැලසුම් ආණ්‌ඩුවකට ගත හැකියි. දැනටමත් ළමා අයිතිවාසිකම් ගැන ළමා ආරක්‍ෂාව පිළිබඳ ආයතනයක්‌ ස්‌ථාපිත වී ඇත. ඒවායේ කටයුතු අගය කළ හැකියි.

අප ජීවත්වන්නේ දැනුම ප්‍රාග්ධනය වී ඇති ලෝකයකයි. විශ්ව දැනුමක්‌ ලබාගෙන ප්‍රවීණයන් වීමට අවශ්‍ය කරන මෙවලම් තුන්වැනි ලෝකයේ දුප්පත් රටක්‌ වුවද අප සතුයි.

රටක අනාගතය රැඳී ඇත්තේ ළමා පරපුර අතේය. ගසක සුපිපුණු මල් කැකුළු වැනි ළමා පරපුරෙහි රැකවරණය සලසාදීම වැඩිහිටියන් වන අපගේ වගකීමය.

ලොව ඕනෑම සත්ත්වයකුට වස්‌තුව වන්නේ දරුවන්ය. උණහපුලුවාට උගේ දරුවා මැණිකකි.

එක්‌සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ වයස අවුරුදු 18 ට අඩු සෑම මනුෂ්‍යයෙක්‌ම ළමයෙක්‌ වේ යන්න සඳහන් වේ. ගමක හොඳ නරක විචක්‍ෂණ බුද්ධියෙන් යුක්‌තව ග්‍රහණය කරගත නොහැකිවීම නිසාම ළමයින් රැකබලා ගත යුතු පිරිසක්‌ බවට පත්වේ. ළමා විය සුදුසු පරිසරයක්‌ තුළ ගෙවී ගිය විට පරිපූර්ණත්වයෙන් යුක්‌ත වූ සමාජ ජීවියෙක්‌ බිහිවෙයි. පුද්ගලයකුගේ ළමා කාලය ඉතා වැදගත් වේ. සමාජ සංවර්ධනයේ අඩිතාලම ළමා කාලයයි. මේ නිසා ළමයා හදා වඩා ගැනීම ඉතාමත්ම වැදගත් වේ.

අම්මාගෙන් සංනිවේදනය වන දරුවා අනතුරුව පරිසරයට අනුගත වේ. ගෙදරින් පෙර පාසලට එතැනින් පාසලට එන දරුවා ඉගෙනුමට යොමු වේ.

සමාජයට යහපත් පුරවැසියකු කිරීමේ පූර්ව සූදානමකට ලක්‌කිරීමේදී ඔවුනට බලපාන සාධක අතුරෙන් ජනමාධ්‍ය ද ප්‍රධාන සාධකයකි. අදහස්‌ ප්‍රකාශ කිරීමේ හා තොරතුරු දැනගැනීමේ අයිතිය යන්න අද උඩුයටිකුරු වී ඇති බව පෙනේ. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා අද විශ්වයම ගෙදරට ගෙන ඒමට හැකිය. නමුත් ළමයා මේ මෙවලම් පරිහරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවදානාත්මකව දැනුම් තේරුම් කර දීමට වැඩිහිටි සමාජය දැනුවත් නැත.

සියල්ල දත්තෝ දරුවෝය. වැඩිහිටියන්ට දැනුමක්‌ නොමැති බැවින්දොa අද ළමා පරපුර නුතන තාක්‍ෂණය හමුවේ මියයති. කුරුණෑගල පැත්තේ පාසල් ශිෂ්‍යාවකට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට ගොස්‌ විදුහල්පති කෙනකුට හිරේ විලංගුවේ වැටෙන්නට සිදුවිය. පාසල් ඒමට ලැ-ජා වූ ශිෂ්‍යාව දිවි තොර කර ගත්තාය. ඇල්පිටිය පැත්තේ පාසල් ශිෂ්‍යාවක ෙµaස්‌ බුක්‌ එකෙන් ලව් කරන්නට ගොස්‌ බෙල්ලේ වැලලා ගත්තාය.

දෙමවුපියන්ටත් ගුරුවරුන්ටත් ඇඟිල්ල දික්‌කරන සමාජය දරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන මීට වඩා සුපරීක්‍ෂාකාරී වීමක්‌ අත්‍යවශ්‍යයි. අද බොහෝ දෙනා ළමා අයිතිවාසිකම් ගැන කතා කරති. ළමා අයිතිවාසිකම් සුරැකීම යන්න අමුතු දෙයක්‌ නොවේ. ඉතිහාසයට අනුව ක්‍රි.පූ. 6 වැනි ශත වර්ෂය තරම් ඈත අතීතයක ළමා අයිතිවාසිකම් සුරැකීම පළමු සාක්‍ෂිය අපට හමුවේ.

බුදු හිමියන් දේශනා කළ සිඟාලෝවාද සුත්‍රය මේ ගැන කරුණු කියයි. දෙමාපිය දූ දරු සම්බන්ධතාව ගැන එහිදී කරුණු ඉගැන්වීය. දෙමාපිය දූදරු සම්බන්ධතාව නැගෙනහිර දිශාවට සමකරමින් දෙමාපියන් විසින් දරුවන්ට ඉටුකළ යුතු යුතුකම් පෙන්වා දී තිබේ. දෙමාපියන් දරුවන්ට ඕනෑවටත් වඩා යුතුකම් ඉටුකරන සමාජයක දරුවන් අතින් දෙමාපියන්ට ඉටුවිය යුතු යුතුකම් බොහෝ අවස්‌ථාවලදී පැහැර හැර ඇති බව පෙනේ. ගුරු දෙගුරුන් හැම විටම අපේක්‍ෂා කරන්නේ දරුවන්ගේ යහපතය. නමුත් දරුවන් සමහර විටක තම යුතුකම් කොටස ගුරු දෙගුරුන් වෙනුවෙන් ඉටුකරන බවක්‌ නොපෙනේ.

පන්තියේ බජව්ව නතර කරන්නැයි කීවාම ශිෂ්‍යයා විදුහල්පතිවරයාට රීප්ප පටියකින් ගහන්න තරම්. අපේ ළමෝ අවිනීතයෝ වී ඇද්ද? පංති කාමරයේ ඝෝෂාව එන්න එන්නම වැඩිය. පාසල මර්මස්‌ථානයක්‌ නොවේ. ශිල්ප ශාලාවකි. එය කෝලම් මඩුවක්‌ කර ගැනීමට තරම් ශිෂ්‍යයන් කටයුතු කරන්නේ නම් එවැනි පාසලක විදුහල්පති හෝ ගුරුවරු කළේ මොන කෙන්ගෙඩියක්‌දැයි අකමැත්තෙන් වුවද අසන්නට සිදුවේ. යම් විදියකින් මේ විදුහල්පතිවරයා ශිෂ්‍යයාට කෝටු පාරක්‌වත් ගසා පංති කාමරයේ ඝෝෂාව නතර කළේ නම් ඊළඟට මුහුණ දෙන්නට සිදුවන්නේ, විදුහල්පතිවරයාට දෙමවුපියන්ගෙන් යකඩ පොලු පහරවල් කන්නටය. මතකද නිකවැරටිය පැත්තේ ඉස්‌කෝලෙ හාමිනේ කෙනෙක්‌ දේශපාලුවකුගේ දරුවකුගේ ගවුමේ වාටිය ගැන කතා කරන්න ගොස්‌ පාසලේදී දණ ගසාගෙන හිටිය හැටි. ළමයින්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ද විදුහල්පතිවරුන්ගේ ද මානව හිමිකම් කඩවීම් ගැන ද අප සොයා බැලිය යුතුව ඇත.

ළමා අයිතිවාසිකම් කඩවීම් ගැන අපට අපේ ඉතිහාසයෙන් උදාහරණ දැක්‌විය හැකිය. 1815 දී ඇහැළේපොළ දරු පරපුර කෲර ලෙස ඝාතනය කළ අන්දම මෙහිදී සිහිපත් වේ. එදා ඒ දරු පරපුර ගැන කතා කරන්නට සංවිධානයක්‌ නොව කිසිවකු නොවීය. අද ළමා අයිතිවාසිකම් ගැන කතා කරන්නට අය ඇත. සංවිධාන ද ජනමාධ්‍යයන් ද තිබේ. එය සතුටට කරුණකි.

දරුවන් ගැන සිද්ධි වාර්තා කිරීමේදී ජනමාධ්‍ය කිසියම් වගකීමක්‌ ඇතිව කළ යුතුව ඇත. සමහර විට වාර්තාකරණයේ අඩු ලුහුඬුකම් හා අතිශයෝක්‌තියෙන් කරුණු දැක්‌වීම නිසා ඇතිවන දුර්විපාක දරුවාගේ අනාගතයට හානියක්‌ විය හැකිය. මක්‌නිසාද යත් දරුවකු නැවත සමාජගත කිරීමේදී දරුවාට සිදු වූ අතවරයට වඩා වැඩි හානියක්‌ සිදුවීමට හැකි බැවිනි. දරුවාගේ පෞද්ගලිකත්වය රැකදිය යුතුව ඇත.

ළමයින් සම්බන්ධ අපරාධ බොහෝය. ළමයින් සම්බන්ධ අපරාධ වාර්තාකරණයේදී ද ප්‍රවේශම් විය යුතුයි. අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරදීමේදී ජනමාධ්‍ය තුළින් විශාල කාර්යභාරයක්‌ සිදුකෙරේ. වගකිවයුතු අංශයන්ගේ ඇස්‌ ඇරවන්නේ ජනමාධ්‍යයි. මෙහිදී ජනමාධ්‍යවේදියාගෙන් සිදුවන කාර්යභාරය අප විසින් අගය කළ යුතුව ඇත.

කෙසේ වෙතත් අපරාධ සිදුකරන අන්දම ඒ අන්දමට පෙන්වීමෙන් කුඩා දරුවන් ඒවා අත්හදා බලන්නට ගිය අයුරු ද ගැන සිතා බැලිය යුතුව ඇත.

අද වන විට රූපවාහිනියේ වෙළෙඳ දැන්වීම් ද කුඩා දරුවන්ගේ පමණක්‌ නොවේ වැඩිහිටියන්ගේ ද මනස අවුල් කෙරේ. උසස්‌ සංස්‌කෘතියක්‌ සදාචාරයක්‌ හිමි රටකට නොගැලපෙන අන්දමට හුදු වෙළෙඳ වාසියට පෙන්වන දර්ශන හිරිකිතය. කැතය. කුඩා දරුවන්ට උගන්වන්නේ ද වැරැදි පාඩම්ය. බෙදාහදාගෙන කෑම නොවේ උදුරාගෙන කන හැටි පුරුදු කරයි. අරයගෙ ඇඳුමේ කැත ගැන කියයි. ලස්‌සන වෙන හැටි කියතිá නොපෙන්විය යුතු තැන් පෙන්වති. පහත් ආශ්වාදයක්‌ ඇති කරති. එදා සමාජයේ තිබුණ රසවින්දනය ගැන කතා කරන අය පොත්පත් කියවීම සාහිත්‍ය රස විඳීම් නවකතා කෙටිකතා ගැන පමණක්‌ නොවේ පෙම් කවි ගැන ද කියති. ගොලු හදවතේ දම්මිල සුගත්ල අද නැහැ. අද ඉන්නේ ෙµaaස්‌බුක්‌ එකේ ලව් පාට්‌කාරයන්ය. එස්‌. එම්. එස්‌. පෙම්වතුන්ය. විවාහ ජීවිත වුවද අවුල්ය. අම්මලා දරුවන් අතහැර කොල්ලොත් එක්‌ක පැනයති. තාත්තල තම තරුණ දියණිය පමණක්‌ නොවේ. කුඩා දියණිය ද දූෂණය කරති. සමාජය තිරිසන් ලෝකයටත් වඩා විනාශ වී ගොසිනි. කව්ද මේවට වගකිවයුත්තේ යෑයි අප අසා බලන්නට ඕනෑ අපගෙන්මය.

ශ්‍රී ලංකා දණ්‌ඩ නීති සංග්‍රහයේ විවිධ ප්‍රතිපාදන ඇත. පාසලක්‌ අරින විට හිරගෙයක්‌ වැසේ යෑයි සංකල්පයක්‌ ඇත. අද පාසල් ද ඇත. හිරගෙවල් ද ඇත. පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව මෙන්ම හිරකරුවන්ගේ සංඛ්‍යාව ද වැඩි වී ඇති බව හිරගෙවල්වල දත්ත පරීක්‍ෂාවකින් දත හැකියි.

නීතියෙන් දඬුවම් දීමෙන් පමණක්‌ සමාජයක්‌ සුරක්‍ෂිත කළ නොහැකියි. දෙමාපියන් වැඩිහිටියන් තම දරුවන්ට ආදර්ශයක්‌ වන අන්දමට ක්‍රියා කරන්නේ නම් මල් කැකුළුවන් කුඩා පරපුර රැකගත හැකියි. මේ සඳහා විධිමත් සැලසුම් ආණ්‌ඩුවකට ගත හැකියි. දැනටමත් ළමා අයිතිවාසිකම් ගැන ළමා ආරක්‍ෂාව පිළිබඳ ආයතනයක්‌ ස්‌ථාපිත වී ඇත. ඒවායේ කටයුතු අගය කළ හැකියි.

අප ජීවත්වන්නේ දැනුම ප්‍රාග්ධනය වී ඇති ලෝකයකයි. විශ්ව දැනුමක්‌ ලබාගෙන ප්‍රවීණයන් වීමට අවශ්‍ය කරන මෙවලම් තුන්වැනි ලෝකයේ දුප්පත් රටක්‌ වුවද අප සතුයි.

ලෝකයේ ඇති පුද්ගලයකුගේ තොරතුරු දැනගැනීමට හැකි ඉතා පහසුම ක්‍රමය Faජැ ඊදදනග මේ ගැන අපේ වැඩිහිටියන්ට යම් අවබෝධයක්‌ ඇතත් දරුවන්ට ඒ පිළිබඳව ඇති දැනුම අල්පය. පසුගියදා අප අසන්නට සිදු වූ අප්‍රසන්න සිදුවීම් ගැන මීට වඩා අප සොයා බැලිය යුතුයි. කාම අපරාධ සිදුවීම් ගැන මිනීමැරුම්, මංකොල්ලකෑම් ගැන තොරතුරු වුවද අන්තර්ජාලයෙන් දැකගනී. ඒවා අත්හදා බලති. ළමා පරපුර පමණක්‌ නොවේ වැඩිහිටියන් ද ගත කරනුයේ වැරදි ජීවන රටාවකය.

තොරතුරු තාක්‍ෂණය වැරදි අන්දමට භාවිත කිරීම නිසා අයහපත් ප්‍රතිඵල සිදුකරගෙන ඇත. සමාජ සංස්‌ථාව වල්වී ඇති තැනක එහි රෝපිත මල් කැකුළුවන් කුඩා දරුවන් ද විනාශ වී යැම වැළැක්‌විය නොහැකියි. අද අප හමුවේ ඇති මහා ෙ€දවාචකය දරුවන් හදා වඩා ගෙන සමාජගත කිරීමට කිරීමේ අපහසුවයි.

අක්‌මීමන - කේ. මතිලාල්

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.