නිව්යෝර්ක්‌ උද්භිද උද්‍යානයේ  උඩවැඩියා සවාරිය

ශ්‍රී ලංකාවේ අපි කාලගුණය ගැන කල්පනා කරන්නේ ගමනක්‌ යැමට සූදානම්වී එළියට බැසීමෙන් අනතුරුවය. අහසට නෙත් යොමා, කුඩයක්‌ අතට ගත යුතුද නැතිද යන්න අපිට තීරණය කළ හැක. එහෙත් ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවර වැසියන්ට රූප පෙට්‌ටියේ කාලගුණ වාර්තාව තරම් වැදගත් ප්‍රවෘත්තියක්‌ තවත් නැත. මේ තත්ත්වය ඕනෑම යුරෝපීය රටකට පොදුවූ සිද්ධාන්තයකි.

සතියේ දින 7 ටම කියන මේ කාලගුණ අනාවැකි කිරිගහට ඇන්නා වාගේය. ටක්‌කෙටම හරිය. දවසේ උපරිම උෂ්ණත්වයත් අවම උෂ්ණත්වයත් හරියටම කෙස්‌ ගහට කල්තියා දැනුම් දීම නිසා ඇමරිකානුවාට දවස සැලසුම් කර ගැනීමට ඒ ඉතා හොඳ ප්‍රවේශයකි. කෙටි නිවාඩුවකට ඇමරිකාවට ආ අප වැනි සංචාරකයන්ට සති අන්තයේ කාලගුණ රටාව දැනගැනීම අතිශයින්ම වැදගත්ය.

ඒ අනුව 56F - 59F අතර කාලගුණයක්‌, වළාකුළින් තොර අහසක්‌, දීප්තිමත් හිරු එළිය සමග මද සුළඟ සහිත දිනයක්‌ ලෙසට කල්තියා දැනගත් අප සෙනසුරාදා දිනෙක (අප්‍රියෙල් 5) පවුලේ සැවොම තීරණය කළේ ලෝක ප්‍රසිද්ධ නිව්යෝර්ක්‌ උද්භිද උද්‍යානය බලා යැමටය.

අපගේ නවාතැන පිහිටි නිව්යෝර්ක්‌ පුරවරයේම උප නගරයක්‌ වූ බ්‍රොන්ස්‌ (ඊරදබං) හී සිට විනාඩි 15 ක පමණ දුරකින් යැ හැකි තැනක පිහිටි මෙම රමණීය උද්භිද උද්‍යානය අක්‌කර 250 ක වපසරියකින් යුක්‌ත වූවෙකි.

කිසිසේත්ම එක්‌ දිනයකින් දැක බලා නිම කළ නොහැකි මේ උද්භිද උද්‍යානයේ පාලක සභාව එහි පැමිණෙන සංචාරකයන්ට සේම ඇමරිකානු වැසියන්ටද අමිල වූ සේවාවක්‌ සපයනුයේ, මල්, පලතුරු සහ එළවළු වගාවන්ට අවශ්‍ය උපදෙස්‌ සේවාවලින් නිම කෙරෙන කලාත්මක විසිතුරු නිර්මාණය කරණය පිළිබඳවද පාඨමාලාද, අත්කම් නිර්මාණ සේම භූමි නිර්මාණය,  සහ ඡායාරූප කරණය සහ සිතුවම් කලාව පිළිබඳව දිනපතාම පාහේ දේශන සහ පංති පැවැත්වීමද මගිනි. මෙය ඇමරිකානු තරුණ තරුණියන්ට සේම වැඩිහිටියන්ටද අමතර ආදායමක්‌ උපයාගැනීමට පාරකියා දීමක්‌ වැනිය.

මේ අයුරින්ම විශේෂඥ දැනුම් ස්‌වාභාරයක්‌ ඇති, වටිනා මානව සම්පත් ශ්‍රී ලාංකීය අප සතුව ඇති මුත් අපේ, පේරාදෙණිය, හග්ගල හෝ ගම්පහ සෙනරත්ගොඩ වැනි ලෝ පරසිදු උද්භිද උද්‍යාන හරහාද මෙබඳු පාඨමාලා, දේශන මාලා ඇරැඹිය හැකි නොවේද?

නිව්යෝර්ක්‌ නගරයේ මාසයක්‌ ගත කරන්න අපට ආරාධනා කළ නුවන් රණවකට මදුරංගී විෙ-සිංහට මෙදින අපව නිව්යෝර්ක්‌ උද්භිද උද්‍යානයට කැඳවාගෙන යැමට සුවිශේෂීවූ හේතුවක්‌ද තිබිණි. ඒ වාර්ෂිකව මේ කාලයේ මාර්තු සිට අප්‍රියෙල් දක්‌වා පැවැත්වෙන ඉතා ප්‍රසිද්ධ zඋඩවැඩියා මල් දැක්‌මZ නැරැඹීම අපටද, අවස්‌ථාවක්‌ සලසාදීමටය.

නිව්යෝර්ක්‌ නගරයේ zෙµdaඩ්ම් විශ්වවිද්‍යාලය ඉදිරිපිට අක්‌කර 250 ක්‌ පුරා විහිදුණු මෙම උද්භිද උද්‍යානයේ අප දුටු අයස්‌කාන්තම ගොඩනැඟිල්ලක වූයේ මෙම උඩවැඩියා මල් ප්‍රදර්ශනය පැවැත්වෙන දැවැන්ත වීදුරු මාලිගාවයි. වර්ග අඩි දහස්‌ ගණනක භූමි බාගයක්‌ පුරා විහිදීගිය මෙම දැවැන්ත වීදුරු මාලිගාව හා ඒ හාත්පස භූමිය, දුරක සිටින ඕනෑම අයෙකුට දිස්‌වෙන්නේ ස්‌වර්ණ විමානයකට ප්‍රවිශ්ඨවීමට ඇති දොරටුවක්‌ සේය. මෙම සුදොa සුදු වීදුරු මාලිගාව අතිශයින් කලාත්මක ගෘහ නිර්මාණයකි.

මෙම දැවැන්ත වීදුරු මාලිගාවේ ප්‍රධාන දොරටුවට ළඟාවෙන ඕනෑම අයෙකුගේ දැස්‌ නතර වන්නේ ඊට යාබද තණතිල්ලේ ගාල් කර ඇති සියගණනක්‌ වූ ගෝ, කාට්‌ය මේ සිඟිති අත් කරත්ත අපට පවසන්නේ නගරයේ කලබලකාරී පරිසරයෙන් මිදී කිරි දරුවන් කැටිව සිත නිවා සනහා ගන්නට මෙහි ආ අම්මලා සහ තාත්තාලාගේ ආදරයේ කතාවයි. සමලිංගික සේවනය නීතිගත කොට ප්‍රථම සම ලිංගික විවාහයද මේ නොබෝදා ලෝකයටම ප්‍රසිද්ධ කළ ඔබාමාගේ රටේ අනාගතයේදී කෙසේ වෙතත් වර්තමානයේදී තවමත් පවුල් සංස්‌ථාවට ස්‌ථාවර තැනක්‌ තිබෙන බව උඩවැඩියා මල් දැක්‌මේදී මා දුටු එක්‌ සත්‍ය කතාවකි.

සැබැවින්ම, සමනල පාරාදීසයකට අප ඇතුළු වූවාක්‌ වැනිය. විවිධ වර්ණයන්ගෙන් විචිත්‍රවූ සිය දහසක්‌ උඩවැඩියා මල් අතරේ අපි අතරමංවීමු. අප අත්වල රැඳි ජංගම දුරකතන ගොළුවී, එහිවූ කැමරා ඇස පමණක්‌ සට සට ගා ක්‍රියාත්මකව පැවතියේ, අපගේ දැස සේම හදවතද මේ ඉල්ලා සිsටින්නේ නිරන්තරවම අපට අමතක වන, අප විසින් අමතක කොට දමන, අප විසින් විනාශ කර දමන, සොබා දහමේ ආශ්චර්යම නොවේද? හෝටන් තැන්නේ උඩවැඩියා මල් සේම නකල්ස්‌ කඳු වැටියේ, රත්නින්ද ගම්මානය හරහා මානිගල කන්ද තරණය කොට ඉලුක්‌කුඹුර වන නිවහන කරා ආ ගමනේදී මා දුටු උඩවැඩියා මල් කැකුළුද, ඒ මොහොතේදී මගේ මතකයට ළං කළ නිව්යෝර්ක්‌ උද්භිද උද්‍යානයේදී මා දුටු මෙම උඩවැඩියා මල් කුමරියෝ, අපගේ හරිත ලෝකයේ ඇති සමානාත්මතාවය නිරන්තරවම බෙදී වෙන්වී සිටීමට වෙර දරන මිනිසාට කියාදෙන මේ කතාව, ලොව පවතින තුරා අප කිසිවෙකු විසින් හෝ වටහා නොගන්නා කතාවයි.

හෝටන්තැන්තේ සේම, සිංහරාජ වනයේ සේම ශීතල ඇමරිකාවේද උඩවැඩියා මල් පිපේ. පිපී වෙනසක්‌ නැතිවම හේ පරිසරයම සුවඳවත් කරයි. ඇමරිකාවේ සිටින මී මැස්‌සා සේම සිංහරාජයේ සිටින මී මැස්‌සාද ඒ මලින්මලට පියඹායමින් සිත් සේ රොන් උරා බොයි.

විවිධ ජාතීන්වලට අයත් බොහෝ සංචාරක රසවතුන් සොඳුරු උඩවැඩියා මල් අතර ඒ මේ අත සැරිසරන්නේ ඉන් පිටව යැමට සිතක්‌ නැත්තාක්‌ සේය. බාල මහලු තරුණ භේදයක්‌ නැතිව ඒ සෑම සුන්දර උඩවැඩියා මල්වලට වශී කෘත වී සිටිනු පෙනේ. ඇතැමෙක්‌ නැඹුරුවී මල් සිපගන්නේ, බොහෝ කලකින් නුදුටු හිතවතෙක්‌ හමුවූ කලෙක සේයෑයි මට සිතේ.

විවිධ වර්ණයන්ගෙන් විචිත්‍ර වූ උඩවැඩියා මල් සේම ඇමරිකානු ඇරිසෝනා කාන්තාර ප්‍රදේශවල වැවෙන ස්‌වභාවික පතොක්‌ වර්ගද මෙම වීදුරු මාලිගාවේදී අපව මවිත කළ ශාක විශේෂයකි. මොහොතකට පෙර, මල් දැක පහන් වූ අපේ සිත්, ඊළඟට උග්‍ර විස පතොක්‌ කටු දැක කිළිටි නොවූයේ, "රෝස මලක ලස්‌සන දකින තැනැත්තා එහි ඇති විස කටුද දැකිය යුතුය" යන ජීවිතයේ සැබෑ අරුත ඒ වනවිටත් අප වටහාගෙන සිටි නිසාය.


 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.