ඉන්දියාවේ දුම්රිය අනතුරකින් මගීහු 19 ක්‌ මරුට

ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදු වූ දුම්රිය අනතුරකින් මගීහු 19 ක්‌ මිය ගොස්‌ 130 කට අධික පිරිසක්‌ තුවාල ලබා ඇත. නගෝනාගේ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ. දුම්රිය එන්ජිම හා මැදිරි හතරක්‌ පීළිපැන ඇතැයි නිලධාරීහු හෙළි කළහ.

දුම්රිය මාර්ගයෙන් ඉවතට විසි වී ඇති මැදිරිවල මගීහු රැසක්‌ සිරවී සිටින බවද වාර්තා වේ.

මේ අතර එම දුම්රිය අනතුර සිදුවු කොන්කන් දුම්රිය මාර්ගයේ ගමන් කරන දුම්රිය රැසක්‌ අවලංගු කර ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.