අතුරුදන් මැලේසියානු යානාව සෙවීමට
ඩොලර් මිලියන 55 ක්‌ වැය කිරීමේ මෙහෙයුමක්‌

අතුරුදන් මැලේසියානු යානාවේ මගීන් වෙනුවෙන් අවමගුල් උත්සව පැවැත්වීමට මැලේසියානු රජය තීරණය කර ඇත.

පසුගිය මාර්තු 8 දා අතුරුදන් වූ මෙම යානාවට සිදු වූයේ කුමක්‌ද යන්න ගැන අද වනතුරු හෙළි වී නැත.

මෙම යානාවේ සිටි මගීන් 239 කගේ ඥාතීන්ට සහන සේවා මධ්‍යස්‌ථානවලින් පිටට යන ලෙසද රජය උපදෙස්‌ දී ඇත. මේ අතර අතුරුදන් මැලේසියානු යානාව වර්ග කිලෝමීටර් 60,000 ක මුහුදු ප්‍රදේශයේ තිබේද යන්න සෙවීම සඳහා ඩොලර් මිලියන 55.6 ක මුදලක්‌ වැය කර විමර්ශනයක්‌ ඇරඹීමට මැලේසියානු රජය තීරණය කර තිබේ.

මේ යානාව සෙවීම පුද්ගලික සමාගම්වලට පැවරේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.