මිනීමැරුම් චෝදනා එල්ල වූ සින්පෙයින් නායක
ඇඩමිස්‌ බ්‍රිතාන්‍ය පොලිසිය මුදා හැරියා
- උතුරු අයර්ලන්ත ඇමැති පීටර් රොබින්සන්

ජීන් මැක්‌කොන්විල් නමැති මවක්‌ ඝාතනය කිරීම ගැන අත්අඩංගුවට ගනු ලැබූ අයි. ආර්. ඒ .සංවිධානයට සම්බන්ධව සින්පෙයින් සංවිධානයේ නායක ජෙරි ඇඩම්ස්‌ව පොලිසිය මුදාහැර ඇත.

මේ ගැන ප්‍රකාශයක්‌ කළ උතුරු අයර්ලන්ත අමාත්‍ය පීටර් රොබින්සන් පැවසුවේ පොලිසිය සින්පෙයින් සංවිධානයට හිස නමා ඇති බවයි.

ජෙරි ඇඩම්ස්‌ මුදාහැරීම ගැන විරෝධය පළ කරන මැක්‌කොන්විල් පවුලේ අය තවදුරටත් අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව පවසා තිබේ.

සිව්දිනක්‌ තිස්‌සේ පොලිස්‌ අත්අඩංගුවේ සිටි ඇඩැම්ස්‌ නිදහස්‌ වී ඇත. 1972 දී ජින් මැක්‌කොන්විල් මරා දැමූ අයි. ආර්. ඒ .ත්‍රස්‌තවාදීහු ඇගේ සිරුර වළ දමා තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.