2014 මැයි 06 අගහරුවාදා

 

 

    
    
    Divaina Editor
    contact webmaster

'නර්ස්‌' ලෙඩේ
සුවවේ

නමුත් කුරුණෑගල
හෙදියෝ වර්ජන

ජනතාව පත්වන අපහසුතාව පිළිබඳ සිතා කුරුණෑගල රෝහලේ හැර දිවයිනේ සෙසු රෝහල් සියල්ලේ ක්‍රියාත්මක කළ අඛණ්‌ඩ වැඩ වර්ජනය අද (06 දා) පෙරවරු 7.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තම සංගමය ද තීරණය කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඊයේ (05 දා) "දිවයින"ට කීවේය.

වැසි සුළං අකුණු
නායයැම් නිසා මරණ 3යි

දිවයින පුරා ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි, තද සුළං, නායයැම් හා අකුණු අනතුරු හේතුවෙන් ඊයේ (05 වැනිදා) වන විට පුද්ගලයන් 3 දෙනකු මියගොස්‌ දහසකට වැඩි පිරිසක්‌ විපතට පත්ව තිබේ.


හම්බන්තොට 4ක්‌ අත්අඩංගුවට
නගරාධිපති අතුරුදන්
හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්‍ෂණයට ගිය එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් ඊයේ (5 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධියට සම්බන්ධ වීඩියෝ පට පරීක්‍ෂාවෙන් මෙම සැකකරුවන් හඳුනා ගැනීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. මීට සම්බන්ධ තවත් පිරිසක්‌ ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතය.

කැසිනෝ රජා
මහ පාරේ ගහගනී

ප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජෙම්ස්‌ පැකර් සිඩ්නි හි වීදියකදී එරට රූපවාහිනි සමාගමක ප්‍රධානියකු වන ඩේවිඩ් ජින්ජෙල් සමග ගුටි බැට හුවමාරුවක යෙදී ඇත. ඩේවිඩ් ජින්ජෙල් යනු නයින් එන්ටර්ටේට්‌මන්ට්‌ සමූහයේ ප්‍රධාන විධායකය.


තංගල්ලේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු
ඝාතනය කර ඔහුගේ පෙම්වතිය
සමූහ දූෂණයට ලක්‌කිරීමේ නඩුව
"ද සීක්‍රට්‌ නේචර්" හෝටලයේ කළමනාකාර
රයන් අකලංකට තංගල්ල ප්‍රා. සභාපති
ඇතුළු පිරිසක්‌ පහරදුන් බව කිව්වා

වෛද්‍ය පරීක්‍ෂණයේදී
ප්‍රකාශයක්‌ ලබාදෙමින්
කියා සිටි බව මාතර
රෝහලේ අධිකරණ
වෛද්‍ය නිලධාරි සාක්‌කි
දෙමින් කියයි


අද සිට දින 3ක්‌
පරිපූරක වෛද්‍ය
වෘත්තික වර්ජන

සේවා ඉල්ලීම් 2 ක්‌ මුල්කරගෙන රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් ද අද (06 දා) සිට අනිද්දා (08 දා) දක්‌වා අදියර තුනකින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලය පවසයි.

වර්ජනය අත්හළ
නර්ස්‌ලා තර්ජන
මැද වැඩට එති
ආරක්‍ෂාවට පොලිස්‌ මුර

වැඩ වර්ජනය අත්හළ හෙද හෙදියෝ වර්ජනයේ නිරත හෙද හෙදියන්ගේ තර්ජන හා බාධා කිරීම් මැද ඊයේ (05 දා) රෝහල් රැසක සේවය සඳහා වාර්තා කළහ.

ප්‍රධාන ජලාශවල
ජල මට්‌ටම ඉහළට
දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල මට්‌ටම ඊයේ (05 දා) වනවිට සියයට 41 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල කළමනාකරණ) ජානකී මීගස්‌තැන්න මහත්මිය පැවසුවාය. අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම දිස්‌ත්‍රික්‌කවල ජලාශවල ජල මට්‌ටම පවතින වැසි සමග ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

නි. ඇමැති ලේකම්ගේ ඝාතනයට සැකපිට දෙදෙනෙක්‌ දැලේ

සුළු අපනයන භෝග කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් විපුල වික්‍රමරත්න මහතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙනකු හික්‌කඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට
චීන ආධාරයෙන්
මහල් 10 ක නව
ගොඩනැඟිල්ලක්‌

ශ්‍රී ලංකාවේ ප්‍රධානම රෝහල සහ ආසියාවේ විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ තිබෙන දැඩි තදබදය අවම කිරීම සඳහා නව ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට මහජන චීන සමූහාණ්‌ඩුවේ සහයෝගය පළ වී ඇත.


කොළඹ අන්තවාදී සංවිධාන 4 ක්‌ ගැන
ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි

අන්තවාදී සංවිධාන හතරක්‌ කොළඹ නගරයේ ක්‍රියාත්මක වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රහස්‌ ලියවිල්ලකින් හෙළිකර ඇත.


රාජ්‍ය සේවා
කොමිසමේ නිල කාලය
9 වැනිදායින් අවසන්


රාජ්‍ය සේවයේ පත්වීම් හා උසස්‌ වීම් සම්බන්ධයෙන් තීරණ ගන්නා රාජ්‍ය සේවා කොමිසන් සභාවේ නිල කාලය ලබන 9 වැනිදායින් අවසන් වෙයි.


අපේ න්‍යාය පත්‍රයට නැත්නම් සන්ධානය
සමග අපි නෑ

ඇමැති විමල් වීරවංශ
ජානිපෙ සමුළුව අමතමින් කියයි

ජාතික බලවේගයන්හි න්‍යාය පත්‍රය අනුව කටයුතු කිරීමට වත්මන් ආණ්‌ඩුව කටයුතු නොකරන්නේ නම් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සමග තවදුරටත් සිය පක්‌ෂයේ ගමනක්‌ නැතැයි ජාතික නිදහස්‌ පෙරමුණේ නායක ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා ඊයේ (05 වැනිදා) අවධාරණය කළේය.


දිවයින  සැනෙකින් පුවත්

යුද හමුදා නව
රෝහල ජනපති
අතින් රණවිරු අයිතියට

යුද හමුදාව විසින් රුපියල් මිලියන 6542 ක වියදමින් ඉදිකරන ලද අති නවීන පහසුකම්වලින් සමන්විත යුද හමුදා නව රෝහල රණවිරු අයිතියට පත්කිරීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ඊයේ (05 දා) සිදුවිය.


ජාතික නිදහස්‌ පෙරමුණේ දෙවැනි ජාතික සමුළුව ඊයේ (05 වැනිදා) කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පැවැති අවස්‌ථාවේදී එම සමුළුව සඳහා එක්‌වූ රාජ්‍ය භාෂා හා ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා ඇමැති විමල් වීරවංශ මහතාට සිය සුභාෂිංශනය පිරිනැමූ අයුරු. ඡායාරූපය - කමල් බෝගොඩ



අනුරපුර පෞද්ගලික බස්‌ වර්ජනයක්‌
චක්‍රීය කාලසටහන් වෙනස්‌ නොකරන ලෙසත් තවත් ඉල්ලීම් රැසක්‌ ඉටුකරන ලෙසත් ඉල්ලමින් අනුරාධපුර මාර්ග කිහිපයක පෞද්ගලික බස්‌ රථ ධාවනයෙන් ඉවත් කර ඒවායේ සේවකයෝ ඊයේ (5 දා) අනුරාධපුර නව බස්‌ නැවතුම්පළ භූමියේදී උද්ඝෝෂණයක නිරත වූහ.


වල් අලි
දෙදෙනෙක්‌
පුනානි හිදී
මීනගයාට බිලි

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ හැපීමෙන් ඊයේ (05 දා) අලුයම 4.00 ට පමණ මඩකලපුව පුනානි දුම්රිය ස්‌ථානයට නුදුරුවදී වල් අලි දෙදෙනකු මරුමුවට පත් වී ඇත.
 

විග්නේෂ්වරන් රෝහලේ

හදිසි හෘදයාබාධයක්‌ හේතුවෙන් උතුරේ මහ ඇමැති පී. විග්නේෂ්වරන් මහතා පෙරේදා (4 දා) රාත්‍රි යාපනය මහ රෝහලට ඇතුළත් කර තිබේ.


බස්‌නාහිර පළමු ශේ්‍රණියේ
පුරප්පාඩු 400
තාමත් හිස්‌

බස්‌නාහිර පළාත් සභාවට අයත් පාසල්වල පවතින පළමු ශේ්‍රණියේ පුරප්පාඩු හාරසියයකට අධික ප්‍රමාණය පිරවීම දිනෙන් දින ප්‍රමාද වීම නිසා එම පාසල්වලට ඇතුළත් වීමට සුදුසුකම් ලබා සිටින දරුවෝ මෙන්ම දෙමව්පියෝද දැඩි අපහසුතාවට පත්ව සිටිති.


මාතලේ ඇටකටු සීඅයිඩීයට
භාරදීමට නියෝග

මාතලේ සමූහ මිනී වළෙන් හමුවූ අස්‌ථි කොටස්‌වල කාල නිර්ණය සඳහා ඇමරිකාවේ පුරාවිද්‍යා රසායනාගාරයක්‌ වෙත යෑවීමට අස්‌ථි සාම්පල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස මාතලේ අතිරේක දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් සම්පත් ගමගේ මහතා අස්‌ථි කොටස්‌ භාරව සිටින කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන මහතාට නියෝග කර ඇත.


වින්නඹු අම්මලා සමාජයට විහිළු සපයනවා
සංඝ ආඥව ගැන මුරුත්තෙට්‌ටුවේ හිමි කියති

සංඝ ආඥවක තේරුමවත් නොදන්නා වින්නඹු අම්මලා සමාජයට විහිළු සපයනවා යෑයි රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (05 දා) "දිවයින" ට ප්‍රකාශ කළහ.


පරිභෝගික
අධිකාරියට
මාස 3 ට
කෝටි 2 ක දඩ ආදායමක්‌


රෝගීන් මෑණිවරුන් දරුවන් බිල්ලට ගෙන
කරන වැඩවර්ජන නතර කරන්න
ඉපදෙන්න සිටින අහිංසක දරුවන්
වෙනුවෙන් ප්‍රශ්නය විසඳ ගන්න

ජනපති මහින්ද
රාජපක්‍ෂ කියයි

රෝගීන්, මෑණිවරුන් විශේෂයෙන් දරුවන් බිල්ලට ගෙන කරන වැඩවර්ජන නතර කරන්න. අපේ ආණ්‌ඩුව සංවේදී ආණ්‌ඩුවක්‌. අපේ සෞඛ්‍ය ඇමැතිතුමා හොඳ සංවේදී ඇමැතිවරයෙක්‌. ......


  
 
  • අදත් මහ වැසි

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (06 වැනිදා) දිනයේදී ද ධාරානිපාත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එස්‌. ආර්. ජයසේකර මහතා "දිවයින" ට පැවසීය.
     
  • දිවයින SMS වැසි  වසී
    'නර්ස්‌ලා අදත් වර්ජන' පුවතට ඊයේ ඔබ එවූ
    SMS වලින් කීපයකි මේ.


     අසරණ ලෙඩුන්ට ඉතින් දෙයියන්ගේම පිහිට තමයි.
    - ගාමිණී පීරිස්‌ බොරලැස්‌ගමුව

 
  • මම මේ වරද කළේ දරුවා
    හදාගැනීමේ ෙච්තනාවෙන්

    සිසු දැරියකගේ ගෙලෙහි සෙරෙප්පු එල්ලූ ගුරුවරිය කියයි


    මම මේ වරද කළේ දරුවා හදාගැනීමේ ෙච්තනාවෙන් මිසක්‌ කිසිම අහිතකින් නොවේ යෑයි කන්තලේ අධ්‍යාපන කලාපයේ කාවන්තිස්‌ස විදුහලේ පහ ශ්‍රේණියේ ඉගෙනීම ලබන දැරියකගේ ගෙලේ ඇයගේ සෙරෙප්පු දෙක එල්ලීමේ සිද්ධිය පිළිබඳව මහත් ආන්දොලනයකට තුඩු දුන් එම විදුහලේ එම්. නදීකා ප්‍රියදර්ශනි ගුරු මහත්මිය "දිවයින"ට ඊයේ ප්‍රකාශයක්‌ කළාය.

 


 
  • "කිරි දෙවීමට බුරුල්ල තිබියදී
    අඟ අල්ලාගෙන දැඟලීම"


    එංගලන්ත ජාතික කාන්තාවක්‌ සිය අතෙහි බුදු රජාණන්වහන්සේගේ පිළිරුව පච්ච කොටාගෙන තිබීම හේතුවෙන් සංචාරයක්‌ සඳහා ලංකාවට පැමිණි පසු රටින් පිටුවහල් කළ පුවතක්‌ පසුගියදා ශ්‍රී ලංකා ජනමාධ්‍ය තුළ පමණක්‌ නොව යුරෝපීය රටවල මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ඔස්‌සේ ද එය පුළුල් ලෙස ප්‍රචාරය විය. මේ බුදුරුව පච්ච කොටාගෙන ශ්‍රී ලංකාවට ආ කෙනෙකු රටින් පිටුවහල් කළ පළමු වතාව නොවේ. මෑත භාගයේ මීට පෙර ද එසේ බුදුරුව සිය ශරීරයේ පච්චකොටාගෙන ලංකාවට පැමිණි අයෙකු රටින් පිටුවහල් කර තිබුණු බව මාධ්‍යවලින් අපි දුටුවෙමු. මේ පුවත් දුටු අපට සිහි වූයේ ක්‍රි.ව. 253-266 ලක්‌දිව රජකම් කළ ගෝඨාභය රජතුමා විසින් එවකට මහායාන බුදු දහම වැළඳගත් වෛතුල්‍යවාදී භික්‍ෂුන් හැට නමකගේ පිට කොන්දෙහි හංවඩු ගසා ඉන්දියාවට පිටමං කිරීමේ පුවතය.
     

  • 2005 ගෘහස්‌ථ හිංසන වැළැක්‌වීමේ
    පනතේ  සැඟවුණු අනතුර


    අප මෙම ලිපි පෙළින් මෙතෙක්‌ සාකච්ඡා කළේ ගුරුවරුන්ට බලපාන නීති ගැනය. අද ළමයකුට වේවැල් පාරක්‌ දීම ගුරුවරයකු බන්ධනාගාරගත කරවන කාරණයක්‌ බවට හරවා තිබෙන නීති පද්ධතියේ දෙමවුපියන්ට බලපාන කොටසක්‌ද තිබෙන බව මම කලින් ලිපිවල පැවැසුවෙමි. ඒ වනාහි 2005 අංක 34 දරන ගෘහස්‌ථ හිංසනය වැළැක්‌වීමේ පනතයි. මෙහි "ගෘහස්‌ථ හිංසනය" යන්නෙන් ගෙදරදී ළමයකුට පහරක්‌ ගැසීමත් ඇතුළත් බව සැලකිය යුතුය. දෙමවුපියන් අතර සමගියක්‌ නැති,
    ....
     

  • දුම්බර නැවතත්  අනතුරේ?

    දුම්බර අඩවිය නොඑසේ නම් නකල්ස්‌ සංරක්‌ෂිත වනාන්තරයේ සැඟවී ඇති වටිනාකම් සියල්ල විද්‍යාත්මකව අනාවරණය කිරීමට නම් තවත් පර්යේෂණ, ගවේෂණ අති විශාල ප්‍රමාණයක්‌ සිදු කළ යුතුව ඇත. නමුත් ඊට පෙරාතුව එහි ඇති වටිනාකම් සියල්ල විනාශ කර තම මඩිය පුරවා ගැනීමට ඇතැම් පටු අවස්‌ථාවාදී දේශපාලන තක්‌කඩියන් මේ වන විට කටයුතු කරමින් සිටීම කණගාටුවට කරුණකි.
     

  

  • ශ්‍රී ලංකන් ගුවන් සමාගම
    වන්වර්ල්ඩ් සමග එක්‌වෙයි


    වන්වර්ල්ඩ් සන්ධානය සමඟ එක්‌වීම තුළින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගෝලීය ගුවන් සේවා සිතියමේ ස්‌ථාවර පසුබිමක්‌ නිර්මාණය වන බව ශ්‍රී ලංකාවේ ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ප්‍රකාශ කළේය.

  


 

  

Kapruka Shopping |  News




 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.