විග්නේෂ්වරන් රෝහලේ

සමන් ගමගේ

හදිසි හෘදයාබාධයක්‌ හේතුවෙන් උතුරේ මහ ඇමැති පී. විග්නේෂ්වරන් මහතා පෙරේදා (4 දා) රාත්‍රි යාපනය මහ රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහලට ඇතුළත් කරන ලද මහ ඇමැතිවරයාගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔහු දැනට රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් යාපනය රෝහලේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

ප්‍රතිකාර ලබමින් සිටින මහ ඇමැතිවරයාගේ ගෙළට පහළින් පිට පෙදෙසේ හටගෙන තිබෙන ගෙඩියක්‌ ඉවත් කිරීම සඳහා ඒ මහතා ශල්‍යකර්මයකට ලක්‌ කිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.

ඉකුත් වසරේදී ද හෘදයා බාධ තත්ත්වයක්‌ හේතුවෙන් විග්නේෂ්වරන් මහතා මේ අන්දමින් ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කෙරුනි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.