අනුරපුර පෞද්ගලික බස්‌ වර්ජනයක්‌

කැකිරාව - සුදත් ඒකනායක සහ
නොච්චියාගම - එච්. එම්. පී. ජී. පෙරේරා, පර්සි කුරුනේරු

චක්‍රීය කාලසටහන් වෙනස්‌ නොකරන ලෙසත් තවත් ඉල්ලීම් රැසක්‌ ඉටුකරන ලෙසත් ඉල්ලමින් අනුරාධපුර මාර්ග කිහිපයක පෞද්ගලික බස්‌ රථ ධාවනයෙන් ඉවත් කර ඒවායේ සේවකයෝ ඊයේ (5 දා) අනුරාධපුර නව බස්‌ නැවතුම්පළ භූමියේදී උද්ඝෝෂණයක නිරත වූහ.

උදැසන සිට ආරම්භ කළ මෙම බස්‌ වර්ජනය නිසා අනුරාධපුර, හොරොව්පතාන, මැදවච්චිය, වව්නියාව, ශ්‍රීපුර, කැකිරාව, ගලෙන්බිඳුණුවැව ඇතුළු මාර්ග රැසක ගමන් කිරීමට සිටි මගී ජනතාව මහත් අපහසුතාවට පත්ව සිටියහ.

දහවල් වන විටත් පෞද්ගලික බස්‌ රථ සේවකයෝ බස්‌ නැවතුම්පළ භූමියේ ටයර් පුළුස්‌සමින් උද්ඝෝෂණය කළ අතර අනුරාධපුර ශ්‍රී ලංගම ඩිපෝව මගින් වර්ජිත මාර්ගවලට අමතර බස්‌ රථ ධාවනයට එක්‌ කරමින් මගී අවශ්‍යතා ඉටුකරනු ලැබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.