මාතලේ ඇටකටු සීඅයිඩීයට භාරදීමට නියෝග

මාතලේ විශේෂ -  නිමල් ගුණතිලක

මාතලේ සමූහ මිනී වළෙන් හමුවූ අස්‌ථි කොටස්‌වල කාල නිර්ණය සඳහා ඇමරිකාවේ පුරාවිද්‍යා රසායනාගාරයක්‌ වෙත යෑවීමට අස්‌ථි සාම්පල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස මාතලේ අතිරේක දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් සම්පත් ගමගේ මහතා අස්‌ථි කොටස්‌ භාරව සිටින කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන මහතාට නියෝග කර ඇත.

අස්‌ථි සාම්පල ඇමරිකාවේ µaලෝරීඩා ප්‍රාන්තයේ බීටා පුරා විද්‍යා කෞතුක රසායනාගාරය වෙත යෑවීමට අධිකරණයේ අවසරය ලැබිණි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව නිකුත් කර තිබේ.

අස්‌ථි සාම්පල චීනයේ බීජිංහි වජිකිං විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා භෞතික රසායනාගාරය වෙත යෑවීමට අධිකරණය පෙර නියෝග කර තිබිණි. මෙම රසායනාගාරයේ ක්‍රියාකාරීත්වය ප්‍රමාදවීම ගැන සමූහ මිනී වළේ පරීක්‍ෂණ සඳහා පත් කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව අවධානය යොමුකර ඇත.

අස්‌ථි සාම්පල ඇමරිකාවේ µaලෝරීඩා බීටා රසායනාගාරය වෙත යවා විධිමත් වාර්තාවක්‌ ලබාගැනීමට කොමිසම තීරණය කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

මාතලේ සමූහ මිනීවළ පිළිබඳව විමර්ශනය සඳහා පත්කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ලෙස විශ්‍රාමලත් ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු එම්. අයි. ඉමාම් මහතා කටයුතු කරයි. විශ්‍රාමලත් ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එල්. බී. කේ. අතපත්තු, විශ්‍රාමලත් පාර්ලිමේන්තු මහ කොමසාරිස්‌ ධම්මික කිතුල්ගොඩ යන මහත්වරු සෙසු සාමාජියෝ වෙති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.