යුද හමුදා නව රෝහල
ජනපති අතින් රණවිරු අයිතියට

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

යුද හමුදාව විසින් රුපියල් මිලියන 6542 ක වියදමින් ඉදිකරන ලද අති නවීන පහසුකම්වලින් සමන්විත යුද හමුදා නව රෝහල රණවිරු අයිතියට පත්කිරීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ඊයේ (05 දා) සිදුවිය.

නාරාහේන්පිට පිහිටි මෙම නව යුද හමුදා රෝහල මහල් 10 කින් සමන්විත අංග සම්පූර්ණ රෝහලකි. වාට්‌ටු 20 ක්‌ සහිත එහි ඇඳන් 1024 කි.

විශේෂඥ වෛද්‍ය සායන, බාහිර රෝගී සායන, නවීන රසායනාගාර ශල්‍යාගාර, මාතෘ සායන හා සූතිකාගාර ඇතුළු නවීන වෛද්‍ය පහසුකම් රැසක්‌ සහිත මෙම රෝහල හෙලිකොප්ටර් යානා ගොඩබැස්‌සවීමේ අංගනයකින් ද යුක්‌තය.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන, ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි ජෙනරාල් ජගත් ජයසූරිය, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක, නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ජයනාත් කොළඹගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු රැසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.