උරුම කළමනාකරණ ජාත්‍යන්තර වැඩමුළුවට
සුදුස්‌සන්ට ඇරයුම් නෑ

මෙවර ලංකාවේ පැවැත්වෙන "උරුමය අනාගතය වෙනුවෙන් කළමනාකරණය උදෙසා වන ඉන්දියානු සමුද්‍ර තීරය ආශ්‍රිත කලාපීය සහයෝගිතා සංගමයේ උරුම කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර වැඩමුළුවට රටේ zඋරුම කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර වැඩමුළුව' ට රටේ උරුමය කළමනාකරණ විෂයෙහි ප්‍රායෝගිකව යෙදෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෘත්තිකයන් සහභාගි කර ගෙන නැතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග හෙළි කරයි.

ඊයේ (05 දා) සහ අද (06 දා) දෙදින තුළ ගල්කිස්‌ස මහහෝටලයේ දී රටවල් 20 ක වෘත්තිකයන් සහභාගි කරවා ගෙන පැවැත්වෙන මෙම ජාත්‍යන්තර වැඩමුළුව සංවිධානය කර තිබුණේ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයෙනි.

අපේ රට තුළ මෙවැනි වැඩමුළුවක්‌ සංවිධානය කළ පසුත් රටේ උරුම කළමනාකරණ විෂයෙහි වෘත්තිකයන් ලෙස යෙදෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විද්වතුන් ඊට සහභාගි කර නොගැනීම පිළිබඳ ඔවුහු සිය කනස්‌සල්ල පළ කරති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.