දිවයින SMS වැසි  වසී
'නර්ස්‌ලා අදත් වර්ජන' පුවතට ඊයේ ඔබ එවූ  SMS වලින් කීපයකි මේ.

* අසරණ ලෙඩුන්ට ඉතින් දෙයියන්ගේම පිහිට තමයි.

- ගාමිණී පීsරිස්‌ බොරලැස්‌ගමුව

* ඉල්ලන දෙයක්‌ දුන්නා නම් ඉවරයිනේ

- චන්ද්‍රසිරි කන්දේගොඩ

* සාරධර්ම බල්ලන්ට ගිහින්

- මංගල මාතර

* ලෙඩ්ඩු අසරණයි

- කිරිඳිවැල සුනිල්

* ලෙඩ්ඩුන්ට හෙදි පුහුණුව දීමට කාලය ඇවිත්·

- උපාලි ජයසේකර ගම්පහ

* මනුස්‌සකම ඉස්‌මතුවේවා කඹ ඇදිලි නිමවේවා·

- රණසිංහ මහරගම

* මේවා නීච තීන්දු

- හෑගොඩ

* අයියෝ සිරිසේන

- ඩිපෝ ළමයා

* ලෙඩුන්ට සිදුවෙන පීඩාවට කවුද වග කියන්නේ?

- බෝජිත මාතර

* දෙන දෙයක්‌ කාලා තියෙන දෙයක්‌ රැකගෙන හිටපල්ලාකෝ·

- ගාමිණී බලංගොඩ

* ඔන්න නියම අලුගෝසුවෙක්‌ ආයේ නම් හොයන්නේ මොටද?

- හරින්ද්‍ර මහකුමාර පානදුර

* ලෙඩ්ඩු මරා ගන්නෙ නැතිව ආණ්‌ඩුවත් එක්‌ක ගනුදෙනුව බේරාගන්නවාකෝ.

- කමල් කුමාර ජයවර්ධන තෝලංගමුව

* මුන්ට උගන්නන්න වියදම් කළේ මහජන මුදල් කියලා හිතන්න බැරි හැටි·

- වැලිවේරියේ සුනිල් සිරිවර්ධන

* සීයක්‌වත් මැරෙන කල් සටන ගෙනියනවාද?

- සෝමසිරි උඩුගම්පල

* පහන් අතේ තියන් දිවුරුම් දුන්නේ ඕකටද?

- සඳ ලංකාවේ තුසිතා

* ප්‍රශ්නය විසඳන්න බැරිනම් පුළුවන් කෙනකුට දීලා වගකිවයුතු අය ගෙදර පලයල්ලා

- කිරිල්ලවල බණ්‌ඩාර

* අර ටොයිලට්‌ වීඩියෝ කරපු දොස්‌තරට කිව්වා නම් පුහුණුව දෙයි නියමෙට·

- රෝහිත ගාල්ල

* මුන්ට ස්‌ට්‍රයික්‌ නැතිවම බැරි හැටි·

- ගම්පහ ආරියරත්න

* නෝනා මගේ නර්ස්‌ නෝනා...... ලෙඩ්ඩු මැරෙයි පව් සිදුවෙයි නෝනා.....

- සඳලංකාවේ තුසිත

* අනේ අසරණ ලෙඩ්ඩු

- ඉන්දික මකුල්වැව

* විද්‍යා පුහුණුවත් ඉල්ලුවොත්

- සුගත් රක්‌වාන

* හදවත් නැත්තෝ·

- මතුගම අබේ

* කොසොල් රඡ්ජුරුවොත් ඕවා හීනෙන් දැක්‌කා

- පී. ඩබ්. පීS

* අනිච්චාවත සංකාරා- ඔබලාට නිවන් සුව අත්වේවා·

- එස්‌. එල්. ඩබ්. ගුණවර්ධන උණවටුන

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.