වින්නඹු අම්මලා සමාජයට විහිළු සපයනවා
සංඝ ආඥව ගැන මුරුත්තෙට්‌ටුවේ හිමි කියති

අජිත් අලහකෝන්

සංඝ ආඥවක තේරුමවත් නොදන්නා වින්නඹු අම්මලා සමාජයට විහිළු සපයනවා යෑයි රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (05 දා) "දිවයින" ට ප්‍රකාශ කළහ.

වැඩවර්ජනය කිරීම සඳහා හෙදියන් පොළඹවන මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන්ට එරෙහිව සංඝ ආඥවක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය විසින් ෙත්‍රෙනිකායික මහානාහිමිවරුන්ගෙන් කර ඇති ඉල්ලීම පිළිබඳ ආනන්ද හිමියෝ මෙසේ ද කීහ.

ඔය වින්නඹු අම්මලාගේ සංවිධානයේ දේවිකා කොඩිතුවක්‌කු මහත්මිය සංඝ ආඥව කියන වචනයේ තේරුම විතරක්‌ නොවේ බෞද්ධ දර්ශනයවත් දන්නෙ නෑ. මාතෘත්වය ගැන හොඳින් දන්නා ඒ අය ඇයි එක දිගට මාසයක්‌ම වර්ජනය කළේ? ඒකට ආඥ දෙන්නේ කවුද? එයාගේ ආඥවෙන් මට වැඩක්‌ නෑ. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලෙත් මට සංඝාඥවක්‌ නිකුත් කරන්න කියලා ඉල්ලීම් කළා. ඔය අයගේ කතාවලට උත්තර දෙන අපි මෝඩයෝ.... යෑයි මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.