වල් අලි දෙදෙනෙක්‌ පුනානි හිදී මීනගයාට බිලි

කරුණාරත්න ගමගේ , අරලගංවිල - රොහාන් තුෂාර

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ හැපීමෙන් ඊයේ (05 දා) අලුයම 4.00 ට පමණ මඩකලපුව පුනානි දුම්රිය ස්‌ථානයට නුදුරුවදී වල් අලි දෙදෙනකු මරුමුවට පත් වී ඇත.

අලින් දෙදෙනා දුම්රියේ හැපී ඇත්තේ වැලිකන්ද සහ පුනානි දුම්රිය ස්‌ථාන අතර ප්‍රදේශයේදී බව වනජීවී නිලධාරීහු පවසති.

අලින් දෙදෙනා දුම්රියේ හැපුණු ප්‍රදේශය වල් අලින්ගේ සුප්‍රකට ගමන් මාර්ගයක්‌ (අලි මංකඩක්‌) බවද වනජීවී නිලධාරීහු සඳහන් කළහ.

අලින් දෙදෙනා දුම්රියේ හැපීම හේතුවෙන් දුම්රියට හෝ දුම්රිය මාර්ගයට හානි සිදුව නැතැයි දුම්රිය දෙපාර්තමේන්තු පවසයි.

මෙම අනතුර හේතුවෙන් දුම්රිය ගමන පැය බාගයක්‌ පමණ ප්‍රමාද වූ බව දුම්රිය නිලධාරියෙක්‌ සඳහන් කළේය.

මියගිය අලින් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්‌ෂණ වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් විසින් ඊයේ පස්‌වරුවේ පැවැත්වීමට නියමිතව තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.