සංචාරක ආදායම 37.9 කින් ඉහළට

ඉකුත් ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේ සංචාරක ව්‍යාපාරයෙන් උපයන ලද ආදායම සියයට 37.9 කින් ඉහළ ගොස්‌ තිබේ.

මේ අනුව ගිය වසරේ (2013) මුල් මාස දෙකේ සංචාරක ව්‍යාපාරයෙන් උපයන ලද ඇමරිකානු ඩොලර් මිලියන 302.2 ක්‌ වූ ආදායම මේ වසරේ (2014) මුල් මාස දෙකේදී ඇමරිකානු ඩොලර් මිලියන 416.3 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.