තංගල්ලේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු
ඝාතනය කර ඔහුගේ පෙම්වතිය
සමූහ දූෂණයට ලක්‌කිරීමේ නඩුව

"ද සීක්‍රට්‌ නේචර්" හෝටලයේ කළමනාකාර
රයන් අකලංකට තංගල්ල ප්‍රා. සභාපති
ඇතුළු පිරිසක්‌ පහරදුන් බව කිව්වා
වෛද්‍ය පරීක්‍ෂණයේදී ප්‍රකාශයක්‌ ලබාදෙමින්
කියා සිටි බව මාතර රෝහලේ අධිකරණ
වෛද්‍ය නිලධාරි සාක්‌කි දෙමින් කියයි


සමන්ත ඉලේපෙරුම

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ ඇතුළු පිsරිසක්‌ "ද නේචර් හෝටලයේදී" තමන්ට පහරදුන් බවට දැනගත් බව "ද සීක්‍රට්‌ නේචර්" හෝටලයේ කළමනාකාර රයන් අකලංක නමැති අය වෛද්‍ය පරීක්‍ෂණයේදී ප්‍රකාශයක්‌ ලබාදෙමින් කියා සිටි බව මාතර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී චන්දන ප්‍රියනාත් මහතා ඊයේ (5 දා) කොළඹ මහාධිකරණය හමුවේ සාක්‌කි දෙමින් කියා සිටියේය.

කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය හමුවේ විභාග වන නඩුවේ පැමිණිල්ලේ සාක්‌කිකරුවකු ලෙසත් රජයේ නීතිඥ චමින්ද අතුකෝරාළ මහතාගේ මූලික ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් එසේ කියා සිටි වෛද්‍ය නිලධාරිවරයා සිද්ධියෙන් පහර කෑමට ලක්‌ව සිටි රයන් අකලංකගේ සිරුරේ තුවාල 29 ක්‌ දක්‌නට තිබූ බවත් එම පහරදීම් පොල්ලකින් හෝ මොට ආයුධයකින් කළ ඒවා බවත් කියා සිටියේය.

2011 දෙසැම්බර් 25 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී තංගල්ල මැඩිල්ල පාරේ පිහිටි "ද නේචර්" සංචාරක හෝටලයේදී රයන් අකලංක නමැත්තාට පහරදී තුවාල සිදුකිරීමේ පොදු අරමුණ කරගත් නීති විරෝධී රැස්‌වීමක සාමාජිකයන් වෙමින් එම කාල සීමාවේදීම එම හෝටලයේ සිටි කුරාම් සේවන් ෂෙයික්‌ නමැති බ්‍රිතාන්‍ය ජාතික තරුණයාට පහරදී බෝතල් කටුවලින් ඇන කපා මරාදමන ලද බවටද ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වූ වික්‌ටෝරියා ඇලෙක්‌ සැන්දොaවා නමැත්තිය රංචු ගැසී දූෂණය කළ බවටද විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකර ඇත.

එම කාල සීමාවේදීම "ද නේචර්" හෝටලයට රුපියල් 1,60,255/} ක අනර්ථයක්‌ කළ බවටද එහි තිබූ රුපියල් 41,000 ක්‌ වටිනා මත්පැන් බෝතල් කොල්ලකෑ බවටද වැඩිදුරටත් චෝදනා ගොනුකර ඇත.

මෙහි චෝදනා ලැබ සිටින විත්තිකරුවන් වන්නේ ලහිරු කැලුම් හෙවත් රවීන්ද්‍ර, උඩුවනගේ සමන් දේශප්‍රිය, තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදාපතිරණ, වීරප්පුලිගේ ප්‍රනීත් චතුරංග, මොහොට්‌ටිගේ සරත් හෙවත් සහන් සහ සරණ ආරච්චි පටබැඳිගේ චානුක චතුරංග නමැති අයයි.

මෙහි තෙවැනි විත්තිකාර සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ නමැති අයව නඩු විභාගය අවසන් වන තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති අතර අනෙක්‌ සැකකරුවන් ඇප මත මුදාහැර ඇත. ඇප මත මුදාහැර ඇති විත්තිකරුවන් නඩු විභාගයට පෞද්ගලිකව පෙනීසිටි අතර තෙවැනි විත්තිකරුව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

රජයේ නීතිඥ චමින්ද අතුකෝරාල මහතාගේ මූලික ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් සාක්‌කිකරු මෙසේද කියා සිටියේය.

තමන් රුහුණ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් බවත් දැනට මාතර රෝහලට අනුයුක්‌තව අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණ කටයුතුවල නිරත වන බවත් පැවසූ සාක්‌කිකරු මේ වන විට අධිකරණ වෛද්‍ය වාර්තා 800 ක්‌ පමණ නිකුත් කර ඇති බවද කීවේය.

රජයේ නීතිඥවරයා - රයන් අකලංක යන අයෙක්‌ පරීක්‍ෂා කළාද? ඒ කොහේදීද?

සාක්‌කිකරු(- එසේයි. මාතර රෝහලේදී.

රජයේ නීතිඥවරයා(- මෙම රෝගියාට අදාළව අධිකරණ වෛද්‍ය වාර්තාවක්‌ ඉදිරිපත් කළාද?

සාක්‌කිකරු(- එසේයි.

ඔහුගේ වෛද්‍ය පරීක්‍ෂණයේදී ඔහු ප්‍රකාශයක්‌ ලබාදෙමින් තමන්ට "ද නේචර්" හෝටලයේදී පිරිසක්‌ පහරදුන් බවත් එම පිරිස තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ ඇතුළු පිරිසක්‌ බවට දැනගත් බවත්" කියා සිටි බවට සාක්‌කිකරු කියා සිටියේය.

තුවාලකරුගේ සිරුරේ තුවාල 29 ක්‌ දක්‌නට තිබූ බවත් පැවසූ සාක්‌කිකරු එම පහරදීම් මොට ආයුධයකින් හෝ පොල්ලකින් කළ පහරදීම් වලින් සිදුවන්නට ඇති බවත් කියා සිටියේය.

රයන් අකලංක නමැති තුවාලකරුගේ සිරුරේ තිබූ තුවාල සියල්ල එකම කාල පරාසයකදී සිදුවූ බවද ඔහු ලබා දෙනු ලැබූ ප්‍රකාශය සමග එම පහරදීම සසඳන බවද සාක්‌කිකරු කියා සිටියේය.

කෑගල්ල රෝහලේ වෛද්‍ය නිලධාරී ජගත් ප්‍රියදර්ශන මහතා රජයේ නීතිඥ නයෝමී වික්‍රමසේකර මහත්මියගේ මූලික ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් මෙසේ කියා සිටියේය.

මෙම නඩුවේ පළමු විත්තිකරු වන ලහිරු කැලුම් සහ දෙවිeeන වහා දෙවැනි විත්තිකරු වන සමන් දේශප්‍රියව වෛද්‍ය පරීක්‍ෂාවට ලක්‌ කළ බවත් 2011 දෙසැම්බර් 25 දා සවස 4.25 ට පමණ එම විත්තිකරුවන්ව තංගල්ල රෝහල වෙත ඉදිරිපත් කළ බවත් සාක්‌කිකරු කියා සිටියේය.

රජයේ නීතිඥවරිය(- ලහිරු කැලුම් විත්තිකරුව පරීක්‍ෂා කිරීමක්‌ කළාද? ඒ කොහේදීද?

සාක්‌කිකරු(- එසේයි. තංගල්ල රෝහලේදී.

රජයේ නීතිඥවරිය(- ඔහු කුමන රෝගියෙකු ලෙසින්ද හඳුන්වා දිය හැක්‌කේ?

සාක්‌කිකරු(- පොලිස්‌ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු බවට දැන ගත්තා.

ඔහු සම්බන්ධයෙන් කළ වෛද්‍ය පරීක්‍ෂණයේදී ඔහුට පහරදීම්වලින් ඇතිවූ තුවාල නැති බවත් මත්පැන් පානය කර නොතිබූ බවත් සාක්‌කිකරු එහිදී සඳහන් කළේය.

රජයේ නීතිඥවරිය(- ඊළඟට සමන් දේශප්‍රිය විත්තිකරුව පරීක්‍ෂා කිරීමක්‌ කළාද? ඒ කොහේදීද?

සාක්‌කිකරු(- එසේයි. තංගල්ල රෝහලේදී.

රජයේ නීතිඥවරිය(- ඔහුව ඉදිරිපත් කළේ කුමන රෝගියකු ලෙසින්ද?

සාක්‌කිකරු(- පොලිස්‌ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු බවට දැන ගත්තා.

ඔහු සම්බන්ධයෙන් කළ වෛද්‍ය පරීක්‍ෂණයේදී ඔහුගේ දකුණු අතෙහි ඉදිමීමක්‌ දක්‌නට ලැබුණු බවත්. ඉදිමීම් දකුණු අතෙහි මැණික්‌ කටුව දක්‌වා තිබුණ බවත් සඳහන් කළ සාක්‌කිකරු ඒ පිළිබඳව ඔහුගෙන් කළ විමසීමේදී වැටිමකින් සිදු වූවක්‌ බව සඳහන් කළ බවට පැවැසුවේය.

ලහිරු කැලුම් විත්තිකරු වෙතින් එම අවස්‌ථාවේදී මත්පැන් ගඳ වහනය වන්නට වූ බවද සාක්‌කිකරු කියා සිටියේය.

පළමු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්‌කි දුන් සාක්‌කිකරු විත්තිකරුවන්ව 2011 දෙසැම්බර් 25 දින සවස 4.30 ට පමණ රෝහල වෙත රැගෙන ආ බවත් ඔවුන්ව ඉදිරිපත් කිරීම පොලිස්‌ නිලධාරීන් විසින් සිදුකළ බවත් කියා සිටියේය.

දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍ර තිස්‌ස මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙවැනි සිද්ධියකදී වෛද්‍ය නිරීක්‍ෂණ ඉතා වැදගත් බවත් සාක්‌කිකරු කියා සිටියේය.

වලස්‌මුල්ල රෝහලේ වෛද්‍ය නිලධාරිනී දේශානි ධම්මිකා මහත්මිය රජයේ නීතිඥ නයෝමි වික්‍රමසේකර මහත්මියගේ මූලික ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් තමන් රුහුණේ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් බවත් 2011 වන විට තංගල්ල මූලික රෝහලේ සේවය කළ බවත් පැවැසූ සාක්‌කිකාරිය මෙම නඩුවේ චතුරංග හා සම්පත් යන විත්තිකරුවන්ව 2011-12-25 දා සවස 6 ට පමණ වෛද්‍ය පරීක්‍ෂණයට භාජනය කළ බවත් කියා සිටියාය.

රජයේ නීතිඥවරිය(- සම්පත් කියන විත්තිකරුව පරීක්‍ෂා කිරීමක්‌ කළාද? ඒ කොහේදීද?

සාක්‌කිකාරිය(- එසේයි. තංගල්ල රෝහලේදී.

රජයේ නීතිඥවරිය(- ඔහු කුමන රෝගියෙකු ලෙසින්ද හඳුන්වා දුන්නේ?

සාක්‌කිකාරිය(- පොලිස්‌ අත්අඩංගුවට ගත් සැකකරුවකු ලෙසින් හඳුනා ගත්තා.

ඔහු සම්බන්ධයෙන් කළ වෛද්‍ය පරීක්‍ෂණයේදී ඔහුගේ වම් අතෙහි සුළු තුවාලයක්‌ තිබූ බවත් එය කැපුම් තුවාලයක්‌ බවත් සාක්‌කිකාරිය කියා සිටියාය.

ඔහුට ඇතිව තිබූ කැපුම් තුවාලයට රෝහල් ගතව ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නොවන හෙයින් එය සුළු තුවාලයක්‌ ලෙසින් හැඳින් වූ බවද පැවසූ සාක්‌කිකාරිය ඔහුගෙන් එම තුවාල සිදුවූ අයුරු විමසීමේදී යම් සිද්ධියකදී වීදුරුවකින් හෝ තමන්ට හරියටම කියන්න බැරි බව කිසියම් දෙයකින් කැපුණුq බවට ප්‍රකාශ කළ බවත් කීවාය.

මෙම සිද්ධිය තුළ ඇති විශේෂත්වය මත තුවාලකරුව හොඳින් මතකයේ ඇති බවත් ඔහුගේ අතෙහි වූ තුවාලය කැඩුණු වීදුරු බෝතලයකින් වූවක්‌ විය හැකිබවත් සාක්‌කිකාරිය කියා සිටියාය.

රජයේ නීතිඥවරිය(- චතුරංග කියන විත්තිකරුව පරීක්‍ෂා කිරීමක්‌ කළාද? ඒ කොහේදීද?

සාක්‌කිකාරිය(- එසේයි. තංගල්ල රෝහලේදී.

රජයේ නීතිඥවරිය(- ඔහු කුමන රෝගියකු ලෙසින්ද හඳුන්වා දෙනු ලැබුවේ?

සාක්‌කිකාරිය(- පොලිස්‌ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු බවට දැන ගත්තා.

ඔහු සම්බන්ධයෙන් කළ වෛද්‍ය පරීක්‍ෂණයේදී දකුණු බාහුවේ කැපුම් තුවාල තුනක්‌ නිරීක්‍ෂණය වූ බවත් එම තුවාල තියුණු ආයුධයකින් සිදුවූ කැපුම් බවත් පැවැසූ සාක්‌කිකාරිය තුවාල සිදුවූ ආකාරය ඔහුගෙන් විමසීමක්‌ නොකළ බවත් පැවැසුවාය.

තෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙම සිද්ධියේ ඇති විශේෂත්වය මත තුන්වෙනි විත්තිකරුව දැන සිටි බවද විත්තිකරුගේ රෝගී ඉතිහාසය වෛද්‍ය වාර්තාවේ දක්‌වා නොතිබීම සිදුවූ වරදක්‌ බවද සාක්‌කිකාරිය පැවැසුවාය.

අනතුරුව සාක්‌කි දීමට කැඳවනු ලැබූ තංගල්ල මූලික රෝහලේ වෛද්‍ය නිලධාරිනී ශාලිකා සිල්වා මහත්මිය රජයේ නීතිඥ නයෝමි වික්‍රමසේකර මහත්මියගේ මූලික ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් තමන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලබාගත් බවත් 2011 වන විට තංගල්ල මූලික රෝහලේ සේවය කළ බවත් මෙම නඩුවට අදාළව මොහොට්‌ටිගේ සරත් යන විත්තිකරුව පරීක්‍ෂා කළ බවත් කියා සිටියාය.

රජයේ නීතිඥවරිය(- සරත් කියන විත්තිකරුව පරීක්‍ෂා කිරීමක්‌ කළාද? ඒ කොහේදීද?

සාක්‌කිකාරිය(- එසේයි. තංගල්ල රෝහලේදී.

රජයේ නීතිඥවරිය(- ඔහුව කුමන රෝගියකු ලෙසින්ද හඳුන්වා දෙනු ලැබුවේ?

සාක්‌කිකාරිය(- පොලිස්‌ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු ලෙසින්.

ඔහු සම්බන්ධයෙන් කළ වෛද්‍ය පරීක්‍ෂණයේදී ඔහුගෙන් බාහිර තුවාල දක්‌නට නොලැබුණු බවද සාක්‌කිකාරිය කියා සිටියාය.

වැඩිදුර විභාගය අද (6 දා) පැවැත්වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.