කපමින් සිටි පුවක්‌ ගසට යටවී
14 හැවිරිදි ශිෂ්‍යයා මරුට
නර්ථනයට ජනාධිපති සම්මානත ලැබූ දරුවෙක්‌

ගම්පොළ - සුරංග දිල්හාන්

දන්සලක්‌ පැවැත්වීම සඳහා එයට අවශ්‍ය පුවක්‌ ගසක්‌ කැපීමට ගිය 14 හැවිරිදි පාසල් සිසුවකු කපන ලද පුවක්‌ ගසකට යටවී ඊයේ (5 වැනිදා) මියගොස්‌ තිබේ.

මියගිය සිසුවාගේ පියා මාමා හා තවත් යහළුවන් කීපදෙනකු සමග ගෙවත්තේ ඇති පුවක්‌ ගස්‌ කපා ඇති අතර කපන ලද ගසක්‌ සිසුවාගේ ඇඟ මතට වැටී සිසුවා මිය ගොස්‌ තිබේ. සිද්ධියෙන් මෙසේ මිය ගොස්‌ ඇත්තේ ගම්පොල අංගම්මන පදිංචි රත්නායක මුදියන්සේලාගේ චතුරංග ලලිත් බණ්‌ඩාර නමැති ගම්පොල බෞද්ධ විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.

මීට පෙර මෙම දන්සල මගින් නොයෙක්‌ දැ දුන්නද මෙවර බත් දන්සලක්‌ පැවැත්වීම සඳහා මෙම පිරිස සංවිධානය වී ඇත. ඒ සඳහා අවශ්‍ය දර කපා ගෙනවිත් නිවසේ ගොඩගසා ඇත්තේද මියගිය සිසුවා විසිනි.

ගසට යටවූ සිsසුවා ගම්පොළ ශික්‌ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර මහ රෝහලට මාරුකර යෑවීමෙන් අනතුරුව මියගොස්‌ ඇත. පාසලේ නැටුම් කණ්‌ඩායමේ ද සිටින මෙම දරුවා හිස වෙස්‌ පළඳවා ඇති බව ද පාසලේ නැටුම් ආචාරිනී කේ. ඒ. එච්. රංජිනී මහත්මිය පැවසුවාය.

මහනුවර දළදා පෙරහැරේ නැටුම් කණ්‌ඩායමද නියෝජනය කරන මෙම සිසුවාට ජනාධිපති සම්මාන පවා හිමිව ඇත. තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වන ඔහු පවුලේ එකම පිරිමි දරුවාද වන්නේය. මරණ පරීක්‌ෂණය හා පශ්චාත් මරණ පරක්‌ෂණය ඊයේ (5 වැනිදා) මහනුවර මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.