සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක්‌ අද බප/කළුතර
බාලිකා විද්‍යාලයේදී

උපාලි පුවත්පත් සමාගමේ අධ්‍යාපනික පුවත්පතක්‌ වන සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක්‌ අද (06 වැනිදා) උදේ 8.00 සිට දහවල්a 1.00 දක්‌වා බප/කළුතර බාලිකා විද්‍යාලයේදී පැවැත්වේ.

විදුහල්පතිනි පී. කේ. ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්, කළුතර බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සංවිධායකත්වයෙන්, කළුතර අධ්‍යාපන කොට්‌ඨාසයේ ආරාධිත පාසල්වල මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ සහභාගිත්වයෙන් මෙම සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පැවැත්වේ.

කැන්ඩෝස්‌ පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් මහජන බැංකුවේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ මෙදින දේශන මෙහෙයවීම, ප්‍රවීණ ශිෂ්‍යත්ව උපදේශක නිශාන්ත පිංතු මහතා විසින් සිදු කෙරේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.