ශ්‍රී ලංකා - අයර්ලන්ත පළමු එක්‌දින තරගය අද
ජ්‍යෙෂ්ඨයන් නැති ශ්‍රී ලංකාවට අයර්ලන්තය අභියෝග කරයිද?


එංගලන්ත තරගාවලියට පූර්ව වශයෙන් අයර්ලන්ත පිල සමග ශ්‍රී ලංකාව තරග වදිනු ලබන තරග 2 කින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරගය අද (06 දා) ඩබ්ලින්හිදී ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.15ට ආරම්භ වනු ඇත

අයර්ලන්තයට ටෙස්‌ට්‌ තත්ත්වය නොමැති වුවද, 2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ස්‌ථාවරත්වය සොයන, අත්දැකීම් අඩු, නැගී එන ක්‍රීඩකයන් අද තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම මත ජයග්‍රහණය දෙපිළටම විවෘත ලෙසින් පැවැත්වෙනු ඇත.

ජ්‍යෙෂ්ඨයන් වන කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, ටී. එම්. ඩිල්ෂාන්, රංගන හේරත් මෙන්ම ලසිත් මාලිංගද මෙම තරගාවලියේදී විවේක ගන්වා තිබේ. අයර්ලන්ත කණ්‌ඩායම යනු බහුතරයක්‌ ක්‍රීඩකයන් එංගලන්තයේ පැවැත්වෙන ප්‍රාන්ත තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන් වන බැවින් මෙය ශ්‍රී ලංකාවට අභියෝගයක්‌ නොවන තරගයක්‌ ලෙසින් හැඳින්විය නොහැක.

අයර්ලන්ත පිල යනු ඉකුත් විස්‌සයි/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්‌ඩායම් 10 අතර තරග වටයට සුදුසුකම් ලැබීමට ආසන්නයට පැමිණියත් නෙදර්ලන්ත පිල හමුවේ අනපේක්‍ෂිත ලෙස පරාජය ලැබීම මත තරගාවලියෙන් ඉවතට විසිවුණු කණ්‌ඩායම වේ. එම තරගාවලියේදී නායක විලියමර් පෝටර්µSල්ඩ්, එඩ් ජොයිස්‌ ඇලන් කියුසෙක්‌ මෙන්ම ඕබ්‍රියන් සහෝදරයන් කැපී පෙනෙන දක්‍ෂතා දැක්‌වීමට සමත්වූහ.

මෙම තරගාවලි, එංගලන්ත පිල සමගින් ඉදිරියේදී ආරම්භ වීමට නියමිත ටෙස්‌ට්‌ සහ එක්‌දින තරගාවලිය සඳහා කදිම පුහුණු තරගයක්‌ වශයෙන් සැලකෙනු ලැබෙන අතර පිතිකරුවන් ලෙස අසාර්ථක්‌තවයට පත්ව සිටින දිනේෂ් චන්දිමාල්ට යළිත් ලකුණු අතරට පැමිණීම සඳහා මෙම තරගාවලිය හොඳ අවස්‌ථාවක්‌ පවතියි.

වීසා ප්‍රමාදවීමක්‌ මත මෙම තරගාවලිය තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට අහිමිවනු ලබන අතර ඒ වෙනුවට ශමින්ද එරංග කණ්‌ඩායමට එකතු වී සිටියි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.