'රිටෙන් කඩන යකඩ පතුර'
සුගතදාස ගෘහස්‌ථයේ අලුත්ම ආරක්‍ෂක පියවර


ඉන්ද්‍රජිත් සුබසිංහ

සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ වහලේ ඇතුල් පැත්තෙන් යකඩ පතුරු ගැලවී වැටීමෙන් සිදුවන හානිය වලක්‌වාගැනීම පිණිස ඊයේ (5වැනිදා) පෙරවරුවේ අලුත් ක්‍රමවේදයක්‌ අනුගමනය කර ඇති බව zදිවයිනZට වාර්තා වේ.

නිසි ලෙස නඩත්තු නොවීම හේතුවෙන් මෙහි වහලේ ඇතුලු පැත්තේ අතුරා ඇති යකඩ පතුරු ගැලවී වැටීම හේතුවෙන් මතුව ඇති අවධානම පිළිබඳව ඉකුත් 2වැනි සිකුරාදා zදිවයිනZ විසින් zමාළු දැලෙන් යකඩ පතුරු නවතන්නද දැන්..Z යන සිරසින් යුතුව පෙන්වාදුන් අතර යකඩ පතුරු මෙලෙස ගැලවී බිම පතිත වීම වැලැක්‌වීම සඳහා ක්‍රීඩාංගණයේ වහලේ ඇතුල් පැත්තට මදක්‌ පහළින් මාළු දැලක්‌ එලා ඇද ඇති බව එම වාර්තාවේ සඳහන් විය.

නමුත් එම යකඩ පතුරු මාළු දැලේ ඇසි (කොටු) අත§න් රිංගා ක්‍රීඩාංගණයේ ක්‍රීඩා පෙදෙස සහ නරඹන්නන් රැඳී සිටින පෙදෙස මත පතිතවූ අවස්‌ථා ගැනද zදිවයිනZ වාර්තා කරනු ලැබුවේ එම ප්‍රතිකර්මය මගින් මෙම අවධානම පහව නොයන බව පෙන්වා දෙමිනි.

මේ සම්බන්ධයෙන් ස්‌ථීර ප්‍රතිකර්මයක්‌ යෙදීමට මේ දක්‌වා කටයුතු යොදා නොමැති නමුත් ඊයේ පැවැති ජාතික නිදහස්‌ පෙරමුණු සමුළුවට යකඩ පතුරු ගැලවී වැටීමෙන් සිදුවිය හැකි හානිය වලක්‌වනු පිනිස, ගැලවී වැටීමට ආසන්න තත්ත්වයෙන් වහලේ තිබූ යකඩ තහඩු සහ පතුරු රිටිවලින් ඇන බිම දැමීමට ක්‍රීඩාංගණ පාලකයන් කටයුතු කර තිබේ.

සුගතදාස ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකය පිරිසිඳු කිරීමට යොදාගන්නා දිග රිටි මේ සඳහා යොදාගෙන ඇති අතර ගැලවී වහලේ එල්ලෙමින් තිබූ යකඩ පතුරු ගණනාවක්‌ මෙලෙස රිටිවලින් ඇන බිම දමා ඇත්තේ ආරක්‍ෂක පියවරක්‌ වශයෙනි.

තවත් කොපමණ කලක්‌ මෙලෙස රිටි වලින් සහ මාළු දැලෙන් මෙම ගැටළුවට ප්‍රතිකර්ම යොදන්නදැයි ක්‍රීඩාංගණ සේවක සේවිකාවෝ ප්‍රශ්න කර සිටිති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.