විනීතම ක්‍රීඩකයා සම්මානය මාලිංගට බණ්‌ඩාරට

වෙළෙඳ සේවා ක්‍රිකට්‌ සංගමය විසින් මෙහෙයවන ලද පළමු කොටසේ එයාර්ටෙල් කුසලාන විස්‌සයි/20 සුපිරි කණ්‌ඩායම් අතර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට µර්වීස්‌ මහරූµaගේ නායකත්වයෙන් යුත් මාස්‌ යුනිචෙලා කණ්‌ඩායම සමත්විය.

වෙළෙඳ සේවා ක්‍රීඩා පිටියේදී පැවැති මෙම තරගයේදී හැටන් නැෂනල් බැංකු පිල ලබා දුන් ලකුණු 158 ක ඉලක්‌කයක්‌ හඹා ගිය මාස්‌ යුනිචෙලා පිල අදාළ ඉලක්‌කය පන්දු පන්දු 8 ක්‌ ඉතිරිව තිබියදී රැස්‌ කර ගනු ලැබුවේ කඩුලූ 8 ක්‌ම ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ ලබාදීමෙනි.

ජයග්‍රාහී මාස්‌ යුනිචෙලා පිල වෙනවෙන් µර්වීස්‌ මහරූµa පන්දු 31 කදී හයේ පහර 4 ක්‌ සහ හතරේ පහර 2 ක්‌ සමගින් නොදැවී ලකුණු 50 ක්‌ රැස්‌ කිරීමට සමත්වූවේය.

මෙම තරගාවසානයේ පැවැති ත්‍යාග ප්‍රදානයේදී හොඳම පන්දු යවන්නා ලෙස මාස්‌ යුනිචෙලා පිලේ ඉෂාර අමරසිංහද, අවසන් මහ තරගයේ වීරයා සම්මානය මාස්‌ යුනිචෙලා පිලේ නායක µර්වීස්‌ මහරූµaද සහ තරගාවලියේ දක්‍ෂතම පිතිකරු සහ තරගාවලියේ වීරයා සම්මාන දෙක හැටන් නැෂනල් බැංකු කණ්‌ඩායමේ කෝසල කුලසේකර විසින්ද දිනා ගනු ලැබීය. මෙම සම්මාන වලට අමතරව තරගාවලියේ විනීතම ක්‍රීඩකයා වෙනුවෙන්ද සම්මානයක්‌ පිරිනැමුණු අතර එය මාස්‌ යුනිචෙලා පිලේ මාලිංග බණ්‌ඩාරට හිමිවීම කැපී පෙනුණි. එම ප්‍රදානයේදී වෙළෙඳ සේවා ක්‍රිකට්‌ සංගමයේ සභාපති ඈෂ්ලි රත්නායක මහතා විසින් විනීතම ක්‍රීඩකයාට හිමි සම්මානය මාලිංග බණ්‌ඩාරට ලබාදුන් අවස්‌ථාව ඡායාරූපයේ දැක්‌වෙයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.