බැංගලෝර් ජයේ ගෞරවය ඩිවිලියර්ස්‌ට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට්‌ තරගාවලියේ 24 වැනි තරගය ලෙසින් පැවති සන්රයිසර්ස්‌ හයිද්‍රdබාද් පිලට එරෙහිව කඩුලු 4 ක ජයක්‌ වාර්තා කිරීමට බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස්‌ කණ්‌ඩායම සමත්විය.

බැංගලෝර්හි පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 156 ක ඉලක්‌කයක්‌ හඹා ගිය බැංගලෝර් පිල අදාළ ඉලක්‌කය එක්‌ පන්දුවක්‌ පමණක්‌ ඉතිරිව තිබියදී රැස්‌කරගන්නා ලද්දේ තවත් කඩුලූ 4 ක්‌ අත ඉතිරිව තබාගෙනය.

අදාළ ලකුණු හඹා යැමේදී බැංගලෝර් පිලේ පළමු කඩුලූ 4 ම ලකුණු 59 කදී බිඳ වැටී අසීරු තත්ත්වයක සිටියදී ඉදිරිපත් වූ ඒ. බී. ඩිවිලියර්ස්‌ පන්දු 41 කදී හයේ පහර 8 ක්‌ සහ හතරේ පහර 6 ක්‌ සමගින් නොදැවී ලකුණු 89 ක්‌ ලබා අදාළ අවදානමෙන් කණ්‌ඩායම මුදවා ගැනීමට සමත්වූවේය.

එහිදී අවසන් පන්දුවාර 2දී බැංගලෝර් පිලට ලකුණු 28 ක්‌ අවශ්‍යව පැවැති අතර එහිදී ඩේල් ස්‌ටේන් විසින් යවන ලද තරගයේ 19 වැනි පන්දුවාරයේදී මිචෙල් ස්‌ටාර්ක්‌ගේ සහායද ඇතුව ලකුණු 24 ක්‌ රැස්‌ කිරීමට ඒ. බී. ඩිවිලියර්ස්‌(6,6,1,1,4,6) සමත්විය. ඉන් ලකුණු 23 ක්‌ම ඩිවිලියර්ස්‌ගේ පිත්තෙන් වාර්තා වීම කැපී පෙනුණි. එම ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද ඩිවිලියර්ස්‌ පිදුම් ලැබීය.

ලකුණු සාරාංශය / සන්රයිසර්ස්‌ හයිද්‍රdබාද් පන්දුවාර 20 කදී කඩුලූ 6 ට ලකුණු 155 යි(ආරන් µsන්චි 13, ශිකර් ධාවන් 37, ඩෙව්ඩ් වෝනර් 61, නාමන් ඕජා 15, මිචෙල් ස්‌ටාර්ක්‌ 21/2, වරුන් ආරොන් 33/2)

බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස්‌ පන්දුවාර 19.5 කදී කඩුලූ 6 ට ලකුණු 158 යි(ක්‍රිස්‌ ගේල් 27, රිලී රොසව් 14, ඒ. බී. ඩිවිලියර්ස්‌ (නොදැවී) 89, යුවරාඡ් සිං 14, කරන් ෂර්මා 17/3, බුවනේෂ්වර් කුමාර් 16/2)

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.