පල්සර් පවර් වෙතින් ත්‍රාසජනක යතුරුපැදි සංදර්ශන මාලාවක්‌

සීමාසහිත ඩේවිඩ් පීරිස්‌ සමාගම මගින් සංවිධානය කර තබූ පල්සර් පවර් ත්‍රාසජනක යතුරු පැදි සංදර්ශනයක්‌ පසුගියදා (25දා) කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙය ඉන්දියාවේ ස්‌ටීල් සයිලන්සර්ස්‌ ධාවක කණ්‌ඩායම මගින් ඉදිරිපත් කර තිබූ අතර, මේ සඳහා අතිවිශිෂ්ට බලයකින් යුත් බජාඡ් පල්සර් 200එන්එස්‌ යතුරු පැදි භාවිතා කර තිබිණි.

ස්‌ටීල් සයිලන්සර්ස්‌ ධාවක කණ්‌ඩායම මෙම කාර්යය සඳහා මනාව පුහුණුව ලැබූ පළපුරුදු වෘත්තීය ධාවකයන්ය. ඔවුන් ඉන්දියාස්‌ ගොට්‌ ටැලන්ට්‌ 4 නම් වූ රියෑලිටි වැඩසටහනේ ප්‍රමුඛ තැනක්‌ හිමිකර ගත් කණ්‌ඩායම ද වේ. එමෙන්ම එම්ටීවී බජාඡ් පල්සර් ස්‌ටන්ට්‌ මේනියා සීසන් 3හි ජයග්‍රාහකයා මෙන්ම දෙවැන්නා ද මෙම කණ්‌ඩායමේ සාමාජිකයන්ය.

ඔවුන්ගේ මෙම ත්‍රාසජනක යතුරුපැදි සංදර්ශන මාලාවේ පළමු වැන්න අප්‍රේල් 25 හා 27 යන දිනවල මෝටර් රථ සහ ප්‍රවාහන 2014 ප්‍රදර්ශනයට සමගාමීව බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැති අතර, මීගමුව, ගම්පහ, කුරුණෑගල, යාපනය, කිළිනොච්චිය, මඩකලපුව, කල්මුණේ, මාතර, ගාල්ල හා කොළඹ අප්‍රේල් 28 සිට මැයි 5 දක්‌වාත් පැවැත්වේ. එම ප්‍රදර්ශනයේ නිල යතුරු පැදි සහකරු සීමාසහිත ඩේවිඩ් පීරිස්‌ සමාගම වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.