පීපල්ස්‌ ලීසිං සමාගමේ අම්පාර ශාඛාව
උග්‍ර පානීය ජල ගැටලුවට මුහුණ පෑ
පාසල් සඳහා ජල සැපයුම් ව්‍යාපෘතියක්‌ දියත් කරයි

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම වන පීපල්ස්‌ ලීසිං ඇන්ඩ් µsනෑන්ස්‌ පීඑල්සී සමාගමේ අම්පාර ශාඛාව විසින් පසුගියදා යෙදුණු zලෝක ජල දිනයZ සමරමින් අම්පාර ප්‍රදේශයේ උග්‍ර පානීය ජල ගැටලුවට මුහුණ පෑ පාසල් සඳහා ජල සැපයුම් ව්‍යාපෘතියක්‌ දියත් කෙරිණි. අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයේ නිර්දේශයෙන් හඳුනාගත් ඉතා දුෂ්කර පාසල් 6 ක්‌ සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ පානීය ජල පහසුකම් සැපයීමට නියමිතය. එහි පළමු අදියර ලෙසින් උහන අධ්‍යාපන කොට්‌ඨාසයේ ගමනාගමන පහසුකම් අවම හා දැනට ගුරු හිඟයක්‌ පවා පවතින අති දුෂ්කර පාසලක්‌ වන අම්/කහටගස්‌යාය විදුහලට ක්‍රමවත් හා අංගසම්පූර්ණ ජල පහසුකම් පද්ධතියක්‌ පීපල්ස්‌ ලීසිං සමාගමේ අම්පාර ශාඛාව විසින් සැපයුණි. පානීය හා සනීපාරක්‍ෂක කටයුතු සඳහා පවා ජල පහසුකම් නොමැතිවීමෙන් සිසුන් හා ගුරුවරුන් දුෂ්කරතා රැසකට මුහුණ දෙන එම පාසල පළමුවැනි ශේ්‍රණියේ සිට අපොස සා/පෙළ දක්‌වා පංති පැවැත්වෙන සිසු දරුවන් 72 ක්‌ හා ගුරුවරුන් 11 කින් සමන්විත වූවකි.

පළමු ජල පහසුකම සැපයූ අම්/ කහටගස්‌යාය විදුහල සම්බන්ධයෙන් එම ව්‍යාපෘතියට ඇප කැප වී ක්‍රියා කළ පීපල්ස්‌ ලීසිං සමාගමේ අම්පාර ශාඛාවේ වත්මන් කළමනාකරු, තනුජ දිනේa විල්ලාරච්චිගේ මහතා පැවසුවේ. zජන ජීවිතය නඟාසිටුවීමේ සමාජ සත්කාරක වැඩසටහන් වෙනුවෙන් අති විශාල කැපවීමක්‌ සිදු කරන පීපල්ස්‌ ලීසිං සමාගමේ අම්පාර ශාඛාව මෙම වසරේ ලෝක ජල දිනය නිමිත්තෙන් දියත් කළ ප්‍රදේශයේ උග්‍ර ජල හිඟය පවතින පාසල් සඳහා අංගසම්පූර්ණ ජල විසඳුම් සැපයීමේ ව්‍යාපෘතිය අප ප්‍රදේශයට අත්‍යවශ්‍ය වන්නක්‌. මුලින්ම අප තෝරාගත් කහටගස්‌යාය විදුහල සතු වූයේ ඉතා අබලං තත්ත්වයේ ළිඳක්‌ හා ජල මෝටරයක්‌. කරුණු සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේa පාසලේ ජල අවශ්‍යතා සපුරා ගැනීමට ළිඳෙන් හා මෝටරයෙන් ලැබෙන ජලය ප්‍රමාණවත් නොවීමෙන් පාසලේ සිසුන් තම බයිසිකලවල නැඟී කිලෝ මීටර භාගයක්‌ තරම් දුරින් පිහිටි වැවකින් කලවලට ජලය ගෙනෙන බවයි. එමෙන්ම එම පාසලේ වැසිකිළි පහසුකම් හා වෙනත් යටිතල පහසුකම් පවා ජලය නොමැතිකමින් දියුණු තත්ත්වයක නොතිබෙන බවත් දැනගන්නට ලැබුණා. එහෙයින් එම පාසලේ ළිඳ අලුත්වැඩියා කර ජල මෝටරයක්‌ හා ක්‍රමවත් පානීය හා සනීපාරක්‍ෂක කටයුතු සඳහා ජලනළ පද්ධතියක්‌ අප සමාගමෙන් ලබා දුන්නා. මෙවන් පහසුකම් අවම පාසල් සඳහා ක්‍රමවත් ජල පහසුකම් සැපයීමේ වැඩසටහන අප දිගටම ක්‍රියාත්මක කරනවාZ යන්නය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.