රාඡ්ට එරෙහි නඩු විභාගයට
ඇමරිකානු අධිකරණයෙන් අවසර


කීර්ති වර්ණකුලසූරිය

කොටි බෝම්බ ප්‍රහාරවලින් ඝාතනය වූ ශ්‍රී ලාංකිකයන්ගේ ඥතීන් තිස්‌එක්‌දෙනකු විසින් ඇමරිකානු ව්‍යාපාරික රාඡ් රාජරත්නම්ගෙන් රුපියල් කෝටි 55 ක වන්දියක්‌ ඉල්ලා පවරා තිබූ නඩුව විභාග කිරීමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අවසරදී ඇත.වැලිවේරියේදී කොටි බෝම්බයකට ගොදුරුවූ මැරතන් කරුගේ බිරිය හා නුගේගොඩ නෝලිමිට්‌ බෝම්බ පිපිරීමෙන් මියගිය අයගේ හා අනිකුත් කොටි බෝම්බ පිපිරීම්වලින් ඝාතනය වූ ශ්‍රී ලාංකිකයන්ගේ ඥතීන් විසින් මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවූ ඇමරිකානු කෝටිපති ව්‍යාපාරික රාඡ් රාජරත්නම්ට කොටස්‌ වෙළෙඳපළේ වංචාවන් ගැන සිරදඬුවම් හිමිවී ඇත.

කොටි සංවිධානයට ඩොලර් මිලියනයක අරමුදල් ලබාදීම නිසා රාජරත්නම් සිදුවූ මිනිස්‌ ඝාතනවලට වගකිවයුතු බවට පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන තිබේ.

නීතිවේදී මයිකල් එල්ස්‌ර් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පෙනී සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.