පරිපූරක වෛද්‍ය වෘත්තික වර්ජනය අත්හිටුවයි

ඒමන්ති මාරඹේ

සේවා ඉල්ලීම් දෙකක්‌ මුල් කරගෙන රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් විසින් පෙරේදා (06දා) සිට පළාත් තුනක රෝහල්වල ක්‍රියාත්මක කර තිබූ වැඩවර්ජනය ඊයේ (07දා) උදැසන 08 ට අත්හිටුවූ බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලය පවසයි.පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ සම සෞඛ්‍ය සේවා උපාධි පාඨමාලාව කප්පාදු කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු කමිටුවක්‌ හරහා විසඳුම් ලබාදීමටත් එම වෘත්තිකයින්ගේ සේවා උසස්‌වීම් ලබාදීම සම්බන්ධව සොයා බැලීම කැබිනට්‌ මණ්‌ඩලය විසින් පත් කරන කමිටුවකට පැවරීමටත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලබාදුන් පොරොන්දුව මත මෙම වැඩවර්ජනය සති දෙකක කාලයකට අත්හිටුවූ බව පරිපූරක වෛද්‍ය සේවා බලමණ්‌ඩලයේ ලේකම් සමන් ජයසේකර මහතා "දිවයින"ට පැවැසීය.

මෙම වර්ජනයට අද (8දා) හා හෙට (9 දා) දිනයන්හි දිවයිනේ සියලු රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අදියර දෙකක්‌ යටතේ එක්‌ වීමට නියමිතව තිබිණි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.