ටී.එන්.ඒ. සැලසුමට රජය ඇණ ගසයි

කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන

ද්‍රවිඩ සන්ධානයේ සහ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ ස්‌වයං පාලනය හා අන්තර් වාර පාලනයට රජය කිසිසේත් ඉඩ නොදෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

මෙම ස්‌වයං පාලන ඉල්ලීම්වලට මුවාවී අරගලයන් දියත් කිරීමට සැලසුම් කර ඇති බව ආරක්‌ෂක බුද්ධි අංශවලට වාර්තා වේ.

"වසර 30 ක්‌ තිස්‌සේ ත්‍රස්‌තවාදයෙන් දුක්‌විඳි රට ආපසු බෙදන්න උත්සාහ කළහොත් දැඩි පියවර ගන්නවා" යෑයි එම ආරංචි මාර්ග කියා සිටියේය.

මේ අතර උතුරේ ආරක්‌ෂක හමුදා වහාම පිටව යා යුතු බවට උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් කළ ප්‍රකාශය රජය ප්‍රතික්‌ෂේප කර ඇත.

ආරක්‌ෂක කඳවුරු හා හමුදාව රැඳී සිටීම ගැන තීරණය කරන්නේ මහ ඇමැති විග්නේශ්වරන් නොවෙයි ජනාධිපති හා ආරක්‌ෂක ලේකම් යෑයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.