ලෝක තැලසීමියා දිනය අද

තුෂාරී කළුබෝවිල

ලෝක තැලසීමියා දිනය අදට (08 වැනිදා) යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් රාගම රෝහලට අනුබද්ධිත රාගම හේමාස්‌ තැලසීමියා ඒකකය මගින් වැඩසටහන් රැසක්‌ සංවිධානය කර ඇත.

ලේ දන්දීමේ වැඩසටහනක්‌ හෙට (09 වැනිදා) රාගම හේමාස්‌ තැලසීමියා ඒකකයේදී පැවැත්වෙන අතර තැලසීමියා පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පාගමන හෙට පෙරවරුවේ එම ඒකකයේ සිට කිරිබත්ගොඩ දක්‌වා ගමන් කොට ආපසු එම ස්‌ථානයට පැමිණීමට නියමිතය.

තැලසීමියා රෝගය පිළිබඳ දැනුම ඇති විදේශීය රටවල ජ්‍යෙෂ්ඨතමයන් හත්aදෙනකු මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඔවුන්ගේ සහභාගිත්වයෙන් ජාත්‍යන්තර තැලසීමියා සම්මේලනය අනිද්දා (10 වැනිදා) කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනයේදී පැවැත්වේ.

තැලසීමියා රෝගයට ගොදුරු වී ප්‍රතිකාර ලබන දරුවන් සහභාගි වන "රාගම රිද්ම" සංස්‌කෘතික උළෙල 11 වැනි ඉරිදා උදේ 8.30 ට තැලසීමියා සංගමයේ අනුශාසක ශ්‍රී ලංකා ජනපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය හා සෞඛ්‍ය ඇමැති මෛතිs්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.