මියගිය කොටි සැමරීමට ඉඩ නැති බව යාපනය සරසවි සිසුන්ට දන්වයි

කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පළිහවඩන

ප්‍රභාකරන් ඇතුළු මියගිය කොටි ත්‍රස්‌තවාදීන් සැමරීම සඳහා කිසිසේත් ඉඩ නොදෙන බව උතුරේ හමුදා බලධාරීන් ඊයේ (8 දා) යාපනය විශ්වවිද්‍යාල සිසුන්ට හා ආචාර්යවරුන්ට දැනුම් දී තිබේ.

කොටි සංවිධානය ත්‍රස්‌තවාදී සංවිධානයන් බවත් ත්‍රස්‌තවාදීන් සැමරීම නීති රීති බිඳ දැමීමක්‌ බවත් හමුදා නිලධාරීන් තවදුරටත් සඳහන් කර තිබේ.

කන්කසන්තුරේ තල් සෙවණ සංකීර්ණයේදී යාපනයේ උපකුලපති වසන්ති අර්සරත්නම් සහ විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරු සමග පැවැත්වූ සාකච්ඡාවකදී උතුරේ ආඥපති මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා විසින් මියගිය කොටි සැමරීමට කිසිවෙක්‌ ක්‍රියා කළ යුතු නැතැයි දන්වා තිබේ.

මැයි 18 සහ 19 යන දිනවලදී මියගිය කොටි සැමරීමට උතුරේ විශ්වවිද්‍යාල සිසුන් සැලසුම් කරන බව ආරක්‍ෂක බුද්ධි අංශවලට වාර්තාවී තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.