බුදු කෙනෙක්‌ යළි පහළ වනතුරු මෙරට භික්‍ෂුණී ශාසනය පිහිටුවිය නොහැකියි
- ඇමැති එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන

අජිත් අලහකෝන් - අකිත පෙරේරා

බුදු කෙනෙක්‌ යළි පහළ වනතුරු මෙරට භික්‍ෂුණී ශාසනය පිහිටුවිය නොහැකි බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ශාසනික හා විනය නීති අනුව භික්‍ෂුණී ශාසනයක්‌ යළි පිහිටුවිය නොහැකි බව ෙත්‍රෙනිකායික මහානායක හිsමිවරුන්ද ප්‍රකාශ කර ඇතැයි නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

මාතර දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා එසේ කීවේය.

වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමි සියම් දේශයෙන් උපසම්පදාව රැගෙනවිත් සියම් නිකාය මෙරට පිහිටවූ ආකාරයට භික්‍ෂුණී ශාසනය ඇති රටකින් උපසම්පදාව ගෙනැවිත් ශ්‍රී ලංකාවේ යළි භික්‍ෂුණී ශාසනය පිහිටුවිය නොහැකි දැයි බුද්ධික පතිරණ මහතා ප්‍රශ්න කළේය.

පිටස්‌තර පුද්ගලයන් කියන ආකාරයට ශාසනික කටයුතු සිදුකළ නොහැකි බව කී නියෝජ්‍ය ඇමැති ගුණවර්ධන මහතා රංගිරි දඹුලු රාජමහා විහාර සංඝ සභාව රජය පිළිගත් සංඝ සභාවක්‌ බව පිළිගන්නා බවද, එම සංඝ සභාවේ භික්‍ෂූන් වහන්සේලා මෙන්ම භික්‍ෂුණීන් වහන්සේලා සාමාජිකත්වය දරන්නේ නැතැයිද කීය.

එම සංඝ සභාවට අයත්, උපසම්පදාව ලබා ඇති භික්‍ෂූන් වහන්සේලා 800 ක්‌ හා සාමනේර භික්‍ෂුණීන් වහන්සේලා 2200 ක්‌ වැඩ වාසය කරන බව තමන් නොදන්නා බව කී නියෝජ්‍ය ඇමැතිවරයා රංගිරි දඹුලු රජමහා විහාර සංඝ සභාවේ සාමාජිකත්වය දරන භික්‍ෂුණීන් වහන්සේලාගේ විහාරස්‌ථාන ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කිරීමක්‌ සිදු නොකරන බවද කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.