ඖෂධ ප්‍රතිපත්තිය ව්‍යවස්‌ථා කමිටුවට

අජිත් අලහකෝන්

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් ව්‍යවස්‌ථා කමිටුවට යොමුකර ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" ට ප්‍රකාශ කළේය.

ව්‍යවස්‌ථා කමිටුව විසින් මෙම ඖෂධ ප්‍රතිපත්තිය අධ්‍යයනය කළ පසුව ඇමැති මණ්‌ඩලය වෙත යොමු කරනු ඇතැයිද ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවද කී සෞඛ්‍ය ඇමැතිවරයා ඉදිරි මාස දෙක තුන තුළදී මෙය ක්‍රියාත්මක කළ හැකි වන බවද පැවසුවේය.

මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් හඳුන්වා දුන් ඖෂධ ප්‍රතිපත්තිය තවත් දියුණු කර ඖෂධ විලවුන් උපකරණ ප්‍රමිති අධිකාරි පනත නමින් මෙම පනත හඳුන්වන බවද ඇමැතිවරයා කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.