මියගිය කොටි සැමරීමට රජයෙන් ඉඩක්‌ නෑ

කීර්ති වර්ණකුලසූරිය

ප්‍රභාකරන් ඇතුළු මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීම තහනම් කරමින් රජය පනවා ඇති නියෝගය උල්ලංඝනය කිරීමට ද්‍රවිඩ සන්ධානයට ඉඩ නොදෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (13 දා) පැවැසීය.

රජයේ මෙම තහනම බිඳදමන බව ප්‍රභාකරන්ගේ ඥතියකු වූ උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් හා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් ප්‍රකාශ කර තිබේ.

උතුරේ ජනතාව මහමගට බස්‌සා සැමරුම් උත්සව පැවැත්වීමට කිසිසේත් ඉඩනොතබන බවද එම ආරංචි මාර්ග පැවැසීය. කොටි සංවිධානය තහනම් සංවිධානයක්‌ බව ද්‍රවිඩ සන්ධානය සිහිපත් කළ යුතු බව ජ්‍යෙෂ්ඨ ආරක්‌ෂක නිලධාරියෙක්‌ පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.