මිලියන 60 ක්‌ වටිනා ඖෂධ ප්‍රමිතියෙන් තොරව ගබඩා කරලා

ලසිත දුමින්ද

නිසි ප්‍රමිතියකින් තොරව ගබඩා කර තිබූ රුපියල් මිලියන 60 ක්‌ පමණ වටිනා ඖෂධ තොගයක්‌ ග්‍රෑන්ඩ්පාස්‌ ප්‍රදේශයේ ඖෂධ ගබඩාවක තිබී ඊයේ (13 වැනිදා) පාරිභෝගික අධිකාරිය මගින් සොයා ගෙන ඇත.

මෙම ගබඩාවේ ඖෂධ නිසි ප්‍රමිතියකින් තොරව ඇසුරුම් කර තිබූ බවද ඇතැම් ඖෂධ පවතින මිලට වඩා වැඩි මිලට අලෙවි කර ඇතැයිද පාරිභෝගික අධිකාරිය පවසයි.

ඉන්දියාවෙන් ආනයනය කර තිබූ මෙම ඖෂධ තොගය අතර අධිරුධිර පීඩනය, දියවැඩියාවට දෙන ඖෂධද, වේදනා නාශක, සිරප් වර්ග ඇතුළු ශල්‍ය උපකරණ ද තිබී ඇත.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත පාරිභෝගික අධිකාරිය මෙම වැටලීම සිදු කර ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.