"අසුන්රා" ඖෂධය නැතිව තැලසීමියා රෝගීහු අසරණ වෙති

ආර්. එම්. ඩබ්. බණ්‌ඩාර - කුරුණෑගල

ලෝක තැලසීමියා දිනය මෙම මස 08 දිනට යෙදී තිබිණි. තැලසීමියා රෝගින්ගේ රුධිරයේ යකඩ ඉවත් කිරීම සඳහා මෙතෙක්‌ භාවිත "අසුන්රා" නැමැති ඖෂධය මාස කීපයකට සිට කුරුණෑගල තැලසීමියා ප්‍රථිකාර මධ්‍යස්‌ථානයේ නොමැති බව රෝගීහු පවසති.

තැලසීමියා රෝගයෙන් මේ වන විට රෝගීන් 900 යක්‌ පමණ ප්‍රතිකාර ලබාගන්නා කුරුණෑගල තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්‌ථානයේ රෝගීන් 500 කට පමණ අදාළ ඖෂධය භාවිතා කෙරුණි.

මේ දිනවල කුරුණෑගල ශීක්‍ෂණ රෝහලේදී හෙදියන්ගේ සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ වැඩවර්ජනය නිසා තැලසීමියා රෝගීන්ට රුධිරය ලබාදීමට නොහැකි තත්ත්වයක්‌ උදා වී තිබේ. කුරුණෑගල තැලසීමියා ප්‍රතිකාර ඒකකයේ තැලසීමියා රෝගීන්ට වෛද්‍යවරුන් සහ සුළු සේවකයන් මැදිහත් වී ප්‍රතිකාර සිදු කරමින් පවතී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.