සිගරැට්‌ රූපමය අවවාද ගැන
යළි පනතක්‌ ආවොත් එජාප සහාය

අකිත පෙරේරා

සිගරැට්‌ පැකට්‌ටුවේ 80% රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයා විසින්a පාර්ලිමේන්තුවට පනතක්‌ හෝ සංශෝධනයක්‌ ගෙන එන්නේ නම් ඊට එක්‌සත් ජාතික පක්‌ෂයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා "දිවයින"ට පැවැසීය.මීට පෙරද ඒ සඳහා ගෙන ආ ගැසට්‌ නිවේදනයට එජාපය ප්‍රමුඛ විපක්‌ෂය සහාය ලබා දුන් බවද එහෙත් අභියාචනාධිකරණයෙන් ලබාදුන් 50% ත් 60 ත් අතර රූපමය අවවාද ප්‍රදර්ශනය කළ යුතු බවට වන තීන්දුව පිළිබඳව තෘප්තිමත් නොවන්නේ නම් එය 80% දක්‌වා වැඩිකර ගැනීමට අවශ්‍ය පනත් සම්මත කර ගැනීමට සහාය දෙන බවද ඒ මහතා කීය.

සිගරැට්‌ පැකට්‌ටුව මත එවැනි රූපමය අවවාද ප්‍රදර්ශනය කළ යුතු බවට ප්‍රතිපත්ති ගෙන ආ යුත්තේ ව්‍යවස්‌ථාදායකයේ අවසරය මත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් බව මන්ත්‍රීවරයා පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.