පොන්නම්බලම්ගේ පෙරමුණේ අරමුණ
උතුරට ස්‌වයංපාලනය ලබාගැනීමලු


කීර්ති වර්ණකුලසූරිය

උතුරේ ස්‌වයං පාලනයක්‌ සඳහාත් ජාත්‍යන්තර අධීක්‌ෂණය යටතේ අන්තර් පාලනයක්‌ ලබාගැනීම සඳහා සටන් කරන බව ගඡේන්ද්‍ර කුමාර පොන්නම්බලම්ගේ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ ප්‍රකාශ කර ඇත.

ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකා රජයට එරෙහිව ක්‍රියාකිරීම සඳහා කරුණු අටක්‌ද එකි පෙරමුණ සම්මත කර තිබේ.

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ස්‌වාධීන ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවැත්වීම, තමිල්නාඩුව සමග සබඳතා පැවැත්වීම, ස්‌වයං පාලනය ලබාගැනීමට සැම දෙනාම ඒකරාශි කිරීම සහ කරුණුද ඊට ඇතුළත් වී ඇත.

මේ අතර ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ද්‍රවිඩ සන්ධානය දැඩි ලෙස විවේචනයට ලක්‌කරමින් ජීනිවාහිදී ද්‍රවිඩ ජනතාවගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ක්‍රියාකර නැතැයි ප්‍රකාශ කර ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.