අවසන් සටනේදී මියගිය අය සමරන්නැයි
ශිවාජිලිංගම් දෙමළ ජනතාවගෙන් ඉල්ලයි

මුලතිව් - ප්‍රසන්න ප්‍රදීප්

වෙල්ලමුල්ලි වයික්‌කාල්හිදී ඝාතනයට ලක්‌ වූවන් සමරණ ලෙස දෙමළ සංධාන පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් දෙමළ ජනතාවගෙන් ඉල්ලයි.

වෙල්ලමුල්ලි වයික්‌කාල්හිදී සිදුවූ සමූල ඝාතනය අප අමතක කළත් රජය අමතක කරන්නේ නෑ. එම නිසා එසේ මියගිය පිරිස්‌ අනුස්‌මරණය කොට කෝවිල්වල හා දේවස්‌ථානවල උත්සව පවත්වන්නැයි පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ශිවාජලිංගම් දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සිවාජිලිංගම් ප්‍රකාශ කර සිටියේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් මෙම අනුස්‌මරණය වෙනුවෙන් 16 වැනිදා සිට අධ්‍යාපන කටයුතු නවතා දමා අනිවාර්යයෙන්ම නිවෙස්‌ බලා යා යුතු බවයි.

මුල්ලි වෛයික්‌කාල්හිදී මියගිය පිරිස්‌ යාපනයේදී අනුස්‌මරණය කොට උත්සවයක්‌ පවත්වන බවත් එය කෙදිනක පවත්වන්නේද යන්න ප්‍රකාශ නොකරන බවත් ඔහු මෙහිදී සඳහන් කළේය. තවදුරටත් අදහස්‌ දැක්‌වූ මන්ත්‍රීවරයා කියා සිටියේ එම දිනය ප්‍රකාශ කළහොත් යුද හමුදාව එය වළක්‌වාලිය හැකි බවයි. වෙල්ලමුල්ලි වෛයික්‌කාලිහිදී යුද්ධයට මුහුණ දුන් ජනතාවට තම මියගිය සහෘදයන් සැමරීමට ඇති අයිතිය තහවුරු කරන බවට දෙමළ සන්ධානය අවධාරණය කර සිටින බව පැවසූ හෙතෙම ජාතිවාදයට විසඳුමක්‌ ලැබෙනතුරු යුද හමුදාවට එක්‌ නොවන ලෙස දමිළ තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම යුද හමුදාවට එක්‌ව ගැටලු ඇති වුවහොත් තමන් වගකීමක්‌ නොගන්නා බවද ඔහු අවධාරණය කළේය.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.