සූතිකාගාර අර්බුදයෙන් නාගොඩ
රෝහලේ රෝගීහු අමාරුවේ

විජයසිරි විද්‍යාසේකර - කළුතර

කළුතර නාගොඩ මහ රෝහලේ වෛද්‍යවරු, හෙදියන් සූතිකාගාර ප්‍රශ්නයක්‌ මත නිතරම ගැටුම් ඇතිවීම නිසා අනේවාසික රෝගීන් මහත් අසීරුවට පත්වෙන අවස්‌ථාව දක්‌නට ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් 9 වැනිදා 8 වැනි වාට්‌ටුවේ සේවය කරමින් සිටි වෛද්‍යවරයකුට හදිසියේම බැණ වැදී තර්ජනය කරන ලද සිද්ධියක්‌ පිළිබඳව කළුතර දකුණ පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මේ බැණ වැදීම පිළිබඳව වෛද්‍යවරයා විසින් කළුතර දකුණ පොලිසියට හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පැමිණිල්ලක්‌ කර ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.