මාතලේට එන ගැබිනි මවුවරුන් වෙනත් රෝහල්වලට

සීගිරිය - සරත් එරමිණිගම්මන

මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහලට දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් කෙරෙන මවුවරුන් ඔවුන්ගේ විරෝධයද නොතකා අසාධාරණ ලෙස මහනුවර හා පේරාදෙණිය යන මහ රෝහල්වලට මාරු කිරීමට පටන් ගෙන ඇති බව සමස්‌ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක රවීන්ද්‍ර කහඳවආරච්චි මහතා ප්‍රකාශ කළේය.

දැනට දින දෙකකට පෙර ගැබිනි මවුවරුන් රෝහලට ඇතුළත් කර නොගත් අතර මේ වනවිට මවුවරුන් ඇතුළත් කර ගෙන වෙනත් රෝහල්වලට මාරු කර යවන බව සඳහන් ය. ඊට හේතුව ලෙස සඳහන් කරන්නේ සූතිකාගාරය වසා දමා ඇති බවය. එහෙත් හෙද සංගමය සඳහන් කරන්නේ සූතිකාගාරය වසා නොදමා ඇති බවත් පසුගිය සතිය පුරාවටම ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන් හෙද සූතිකා පුහුණුව ලබා ඇති හෙද නිලධාරිනියන්ගේ සහායෙන් දරු ප්‍රසූතීන් සිදු කළ බවත්ය.

මාතලේ රෝහලේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හෙද පරිපාලනයෙන් බැහැරව තම පැමිණීම හා පිටවීම සලකුණු කිරීමට පියවර ගැනීමත් සමග මෙම අර්බුදය මතුව ඇත. දැනට සතියක පමණ කාලයක සිට පවතින මෙම ගැටලුව නිරාකරණය නොවීම නිසා මවුවරු දැඩි අපහසුතාවට පත්ව සිsටිති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.