මාතලේ රෝහලේ අර්බුදය නිමවෙයි

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ පැවැති හෙද/ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ අර්බුදය ඊයේ (16 වැනිදා) සමථයකට පත්ව ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා ජනරාල් වෛද්‍ය ආනන්ද ගුණසේකර මහතාගේ මැදිහත්වීමෙන් පැවැති සාකච්ඡාවේදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සේවයට වාර්තා කිරීමට එකඟත්වය පළකර ඇත.

පවතින අර්බුදයට සති දෙකකින් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවත්, මෙම අර්බුදය විසඳීමට පි. බී. ජයසුන්දර කමිටු වාර්තාව ලැබෙන තෙක්‌ කාලය අවශ්‍ය බවත් එහිදී ප්‍රකාශ වී ඇත.

ඒ අනුව ඊයේ සවස සේවා සඳහා එම නිලධාරීන් වාර්තා කළ බව රෝහල් බලධාරීහු පැවැසූහ.

මෙම සාකච්ඡාවට මාතලේ මහ රෝහලේ සෞඛ්‍ය අධිකාරි වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා ද එක්‌විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.