නෝර්වේ තානාපති කාර්යාලයට හෙළ උරුමයෙන් විරෝධතා පාගමනක්‌

අනුරාධ හිරිපිටියගේ

නෝර්වේ රැකවරණය මත සිටින එල්. ටී. ටී. ඊ. නායකයකු වන නෙදියවන් ශ්‍රී ලංකා රජයට බාරදෙන ලෙස ඉල්ලා ජාතික හෙළ උරුමය හෙට (18 දා) පස්‌වරු 2.00 ට නිදහස්‌ චතුරශ්‍රය අබියස සිට කොළඹ නෝර්වේ තානාපති කාර්යාලය දක්‌වා විරෝධතා පාගමනක්‌ පවත්වයි.

එහිදී විශේෂ ලිපියක්‌ නෝර්වේ තානාපති කාර්යාලයට භාර දෙන බවත් ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.

එමෙන්ම යුද ජයග්‍රහණයට වසර පහක්‌ සපිරීම නිමිත්තෙන් "ලැබූ ජය රැක ගනිමු. කොටි ත්‍රස්‌තවාදයට හිස එසවීමට ඉඩ නොදෙමු" යන මැයෙන් රණවිරු සැමරුම් වැඩසටහනක්‌ 18 දා පස්‌වරු 3.30 ට කොළඹ 7, ආනන්ද කුමාරස්‌වාමි මාවතේ පිහිටි නව නගර ශාලාවේදී පැවැත්වෙන බවත් ඒ මහතා කීවේය. මෙහිදී ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා විශේෂ දේශනයක්‌ පවත්වයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.