ලෝක සෞඛ්‍ය සම්මේලන සැසියට
ඇමැති මෛත්‍රිපාල ඇතුළු නියෝජිතයෝ ජිනීවා යති


ලෝක සෞඛ්‍ය සංවිධානයේ 87 වැනි ලෝක සෞඛ්‍ය සම්මේලනයට සහභාගි වීම සඳහා සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක්‌ ඊයේ
(16 වැනිදා) පිටත්ව ගියහ. මෙම මස 19 වැනිදා සිට 21 වැනිදා දක්‌වා ජිනීවා නුවරදී සමුළුව පැවැත්වේ. ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අනුමත කිරීම, නිලධාරීන් පත්කර ගැනීම හා ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා මෙම සමුළුව පැවැත්වේ. එමෙන්ම මෙම මස 18 දින පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්‌වීම පැවැත්වෙන අතර එහි දේශනයක්‌ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කිරීමට නියමිතය.

එමෙන්ම එදින පස්‌වරුවේ 15 කණ්‌ඩායමේ (ජී.-15) ඇමැතිවරුන්ගේ රැස්‌වීම් පැවැත්වෙන අතර එහි වර්තමාන සභාපතිවරයා වශයෙන් කටයුතු කරන සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දේශනය සිදු කරනු ලබයි. මෙහිදී ශ්‍රී ලංකාවේ නිදහස්‌ සෞඛ්‍ය සේවාව විසින් පසුගිය කාලයේ අත්පත් කරගෙන ඇති ජයග්‍රහණ හා අභියෝග සම්බන්ධයෙන් ඇමැතිවරයා සිය දේශනය සිදු කිරීමට නියමිතය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.